දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් වැස්ස | සිළුමිණ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් වැස්ස

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(09) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, ඌව, මධ්‍යම,උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ.

බස්නාහිර සහ දකුණු පලාත්වලවෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත්වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටියි.

Comments