COVID-19 සඳහා සේවා ස්ථානය සූදානම් කරගමු | Page 2 | සිළුමිණ

COVID-19 සඳහා සේවා ස්ථානය සූදානම් කරගමු

කෝව්ඩ්-19 (COVID-19)  වයිරසය ව්‍යාප්ත වන්නේ  මහජනයා ගැවසෙන පොදු ස්ථානවලිනි. එනිසා මහජනයා ගැවසෙන පොදු ස්ථාන කෙරෙහි අවධානය යොමු කිරීම අතිශයින් වැදගත්ය. ඒ කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාර්යාල පරිශ්‍රය කොවිඩ් - 19 වයිරසය  නිරෝධ­ායනය කළ ස්ථානයක්ව  තබා ගැනීම අතිශයින්ම වැදගත්ය.

2020ජනවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් චීනයේ උහාන් පළාතේ නව කිරීටක වයිරස් රෝගයක් පැතිර යන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සියලු රටවල මහජන සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට වහා පියවර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාවද මේවන විට ඒ සම්බන්ධයෙන් පියවර රශියක් ගැනීමට යුහුසුලුව කටයුතු කළේය.

කෝව්ඩ්-19 (COVID-19) වයිරසය ව්‍යාප්ත වන්නේ මහජනයා ගැවසෙන පොදු ස්ථානවලිනි. එනිසා මහජනයා ගැවසෙන පොදු ස්ථාන කෙරෙහි අවධානය යොමු කිරීම අතිශයින් වැදගත්ය. ඒ කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාර්යාල පරිශ්‍රය කොවිඩ් - 19 වයිරසය නිරෝධනය කළ ස්ථානයක්ව තබා ගැනීම අතිශයින්ම වැදගත්ය. මන්දයත් කුමන තත්ත්වයක් පැවතියද රටක දෛනික ක්‍රියාවලිය යම්මට්ටමකින් හෝ පවත්වාගෙන යෑම අතිශයින් වැදත් වන නිසාය. එසේ නොවුණහොත් වයිරසයෙන් මුළුමහත් රටම ගිල ගනි. එනිසා කොවිඩ් - 19 පුපුරා යෑම පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව පුරා මහජන සෞඛ්‍ය බලධාරීන් පියවර ගනිමින් සිටින අතර ඒ සඳහා උපදෙස් මාලාවක්ද ලබාදී ඇත.

දිගුකාලීන සාර්ථකත්වය අත් කර ගැනීමට නම් අපගේ සමාජයේ සියලු කොටස් - ව්‍යාපාර සහ සේවා මෙම රෝගය පැතිරීම නැවැත්වීමට විශාල දායකත්වයක් ලබාදිය යුතුය.

පළමුව අප කාර්යාලයක හෝ කිසියම් සේවා ස්ථානයක කෝවිඩ් -19 පැතිර යන ආකාරය හඳුනා ගනිමු.

කෝවිඩ් වයිරසය ආසාදිතයකු කැස්ස හෝ හුස්ම හෙලන විට ආසාදිත තරල බිංදු නිකුත් කරයි. මෙම බින්දු අසල ඇති මේස, පුටු, පරිගණක සහ දුරකතන වැනි භාණ්ඩවල පෘෂ්ඨ මත වැටේ. ඒවා කාර්යාල සේවකයින් විසින් ඇල්ලීමෙන් මෙය පැතිර යා හැකිය. එසේම එලෙස වයිරසය ස්පර්ශ කර ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන්; වෛරසය ඇති පුද්ගලයකු මීටරයක් දුරින් සිටගෙන සිටින විට ඔහුගේ ප්‍රාශ්වාස වාතය මඟින් රෝගයට ගොදුරු විය හැකිය. කොටින්ම මෙය උණ රෝගයට සමාන ආකාරයකින් පැතිරෙයි.

බොහෝ පුද්ගලයින් කෝවිඩ් ආසාදනය වී තිබුණ ද පහසුවෙන් සුව අතට හැරෙන අවස්ථා දැකිය හැකිය.

බොහෝ විට මීට ගොදුරු වන්නේ වයෝවෘද්ධ පුද්ගලයින්ය. වයස අවු 40ට වැඩි පුද්ගලයින්ට මෙහි කිසියම් අවදානම් තත්ත්වයක් තිබේ. ඔවුන් මෙලෙස අවදානමකට ලක්වන්නේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇත් නම් පමණි. මීට අමතරව දියවැඩියාව, හෘද හා පෙණහලු රෝග වැනි තත්වයන් ඇති අය මීට පහසුවෙන් ගොදුරුව අසාධ්‍යතත්ත්වයට පැමිණේ.

මෙම රෝගී තත්ත්වය කාර්යාලය හෝ සේවාස්ථානය තුළ පැතිරයාම වැළැක්වීමට ගත හැකි පියවර කිහිපයක් වෙයි.

 

1. රැස්වීම් සහ විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී වයිරසය පැතිරීමේ අවදානම පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම (රැස්වීම් නොපවත්වා පණිඩිඩය ලබාදිය හැකි වෙනත් සන්නිවේදන ක්‍රමයක් යොදා ගැනීම)

2. පොදු ප්‍රවාහන සේවය වෙනුවට කාර්යාල ප්‍රවාහන සේවයක් තාවකාලිකව හෝ පවත්වාගෙන යෑම.

3. සේවා ස්ථානයේ කිසිවකුට හෝ වයිරසය වැලඳී ඇතිනම් ඔහු එම පරිසරයෙන් ඉවත් කර තැබිය හැකි ස්ථානයක් සේවා ස්ථානය තුළ ස්ථාපිත කිරීම

4. සේවකයන් ඉවත් කර සේවා ස්ථානය නිරෝධ­ායනය කිරීමට පියවර ගැනීම

5. උණ, ආමාශ දෝෂ වැනි රෝගී තත්ත්වයන් ඇති ගනුදෙනුකරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ සේවකයින් සෞඛ්‍ය සායන වෙත යොමු කරන්න.

6. කෝවිඩ් වයිරසය වැලඳී ඇත්නම් හෝ ඒ බවට සැක ඇති සේවකයින් සේවා ස්ථානයට නොපමුණුවා නිවාඩු ගැන්වීම.

07. වයිරසය වැලඳුණු අයෙකු සේවා ස්ථානයකට පැමිණේ නම්. ඔබේ සේවා ස්ථාන පිරිසිදු කර වහා එහි සනීපාරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගන්න.

08. මතුපිට (උදා: මේස සහ පුටු, කබඩ්, පරිගණක) සහ වස්තු (උදා: දුරකතන, යතුරුපුවරු) නිතර විෂබීජ නාශක යොදා සුද්ද පවිත්‍ර කොට පිරිසුදුව තබා ගත යුතුය.

09. එසේම පිටතින් පැමිණෙන පුද්ගලයන්, සේවකයින් සහ ගනුදෙනුකරුවන් විසින් ස්පර්ශ කරන ලද පෘෂ්ඨයන් නිරන්තරයෙන් විෂබීජ නාශක යොදා පවිත්‍රව තබන්න.

10. සේවකයන්, කොන්ත්‍රාත්කරුවන් සහ ගනුදෙනුකරුවන් හොඳින් අත් සේදීමට උනන්දු කිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුය.

11. මුඛ ආවරණ සහ අත්වැසුම් ලබාදීමට කටයුතු කරන්න.

12. යමක් ඇල්ලීමෙන් පසුව සබන් ගා අත් සෝදන්න.

13. අත් සේදීම අත්වැසුම් පැලඳීම ප්‍රවර්ධනය කරන පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න. එ් සඳහා වෙනත් සන්නිවේදන ක්‍රියාමාර්ග ද අනුගමනය කරන්න.

14. රැකියා ස්ථානය හොඳින් ශ්වසන කළ හැකි සනීපාරක්ෂාව තහවුරු කළ ස්ථානයක් බවට පත් කරගන්න.

15. ශ්වසන සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කරන පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න. මෙය වෙනත් සන්නිවේදනයන් සමඟ ඒකාබද්ධ කරන්න. ඒ සඳහා වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගෙන් මග පෙන්වීම, කෙටි විස්තර කිරීම වැනි ක්‍රියාමාර්ග යොදා ගන්න.

16. මුහුණු ආවරණ, අත්වැසුම් හා කඩදාසි ඔබේ සේවා ස්ථානවල ඇති බවට සහතික වන්න

17.සනීපාරක්ෂාව සඳහා සංවෘත බඳුන් සමඟ වැඩ කරන විට කැස්සක් ඇති කරයි ඒවා බැහැර කිරීමට පියවර ගන්න.

 

මේ ආකාරයට කටයුතු කිරීමෙන් කෝවිඩ් වයිරසයට ඔබේ සේවාස්ථානයේ පැතිරීමට ඇති අවදානම අවම කර ගත හැකිය.

 

Comments