කොරෝනාවලට එන්නතක් අත්හදා බැලේ | සිළුමිණ

කොරෝනාවලට එන්නතක් අත්හදා බැලේ

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් සාර්ථකව අත්හදා බලා තිබේ.

එය මෙම රෝගය සම්බන්ධයෙන් සිදු කරන පළමු මිනිස් අත්හදා බැලීම මෙයවන අතර එය එක්සත් ජනපදයේ සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වොෂිංටන්, සියැටල් හි කයිසර් ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයේ දී රෝගීන් හතර දෙනෙකු මෙසේ එන්නත් යොදාගනිමින් පරීක්ෂා කිරීමට අමෙරිකාව සූදානම් වනු ඇත.

සාමාන්‍යයෙන් මෙම එන්නත් සතුන් යොදා ගනිමින් අත්හදා බලන අතර මෙම රෝගීන් සිවුදෙනාම ස්ව කැමැත්තෙන්ම පර්යේෂණ සඳහා ඉදිරිපත්ව සිටින බවද වාර්තා වේ.

කෙසේ නමුත් මෙහි සාර්ථකත්වය දැන ගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවද මෙම පර්යේෂණයේ නිරතව සිටින ප්‍රවීනයන් සදහන් කර තිබේ.

 

Comments