ජීවි­තය තනිවම පාට කර­ගත් මුනීබා | සිළුමිණ

ජීවි­තය තනිවම පාට කර­ගත් මුනීබා

තාරු­ණ්‍යයේ හොඳම කාල­යේදි රිය අන­තු­ර­කින් දෙපා වාරු නැති වී ගිය පාකි­ස්තා­නයේ සුරූපි යුව­ති­යක්... ජීවි­තයේ මුහුණ පෑමට සිදු වූ ඛේද­ජ­න­කම ඉර­ණ­මට එරෙ­හිව තනිව නැගී සිටී­මට තරම් දිරිය සම්පන්න සිතක්... බලා­පො­රොත්තු එහෙම පිටින්ම සුන්වූ මොහො­ත­කදී පවා ජීවන සටන අත්නො­හැර අපේ­ක්ෂා­වන් දීප්ති­මත් කර­ග­න්න­ත්, ජීවි­තයේ ඉතිරි කොටස තනි­වම පාට කර­ග­න්න­ත්  තරම් දැඩි ආත්මශක්ති­යක්... !

ඒ සියල්ල මුනීබා මසා­රීට තිබුණා. 

ඔබ දන්න­වාද....?  පිරි­මින්ට පාල­නය කර­ගත නොහැකි බොහෝ වේද­නා­බර හැඟීම් පාල­නය කර­ගන්න ගැහැ­නුන්ට පුළු­වනි.  ජීවන සටන අත් නොහැර තනි­වම නැගී සිටී­මට වෙර දර­නවා නම් කෙනෙ­කුට හොඳම ආද­ර්ශය තමයි මේ පාකි­ස්තානු ගැහැ­නිය...ඇය හැකි­යා­වන් දහ­සක් ඇති ගැහැ­නි­යක්....ආත්ම ශක්තිය...? ඊටත් එහා....අනිත් අතට පිරි­මින් අතර පවා එක්තරා විදි­හක මොඩ්ල් එකක්.. 

මුනී­බාගේ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. හිටපු වීර­යාත් යන්න ගියා. ඇය දෙපා වාරු නැතිව රෝද පුටු­ව­කට වැටු­ණාම. වීරයා ඇගෙන් දික්ක­සාද වුණා. ඒ සියල්ල මැද මවක වීමේ අව­ස්ථා­වත් රිය අන­තුර ඇගෙන් උදුරාගත්තා. ඉතින් කාන්තා­ව­කට නැති­වෙන්න තව මොන­වද ඉතිරි...?

ඉතින් ඇයට ජීවි­තය අලු­තින් හදා­ගන්න හව්හ­ර­ණක්.... ශක්ති­යක්... ඒ වගේම ආද­ර­යක් වුව­මනා කළා... කෙන­කුට මේ දේවල් තනිව කර­ගන්න බෑ. ඒක ලෝක­යම දන්නවා. ලොව ජය­ගත් හැම පුද්ග­ල­ය­කු­ගේම පසු­පස දිරි­ග­න්වන්න කවු­රු­හරි හිටියා. ඒත් මුනී­බාට එහෙම කවු­රු­වත් හිටියේ නෑ. ඇයට එහෙම වීර­යෙක් හොයා­ගන්න බැරි­වුණා. හිටපු එකම වීර­යාත් ගියානේ. ඉතිං ඇගේ ජීවි­තයේ වීරයා වෙන්න ඇය­ටම සිදු­වුණා. රිය අන­තුර සිද්ධ වෙද්දී මුනී­බාට  අවු­රුදු 20යි. ඇය විවාහ වුණේ ඊට අවු­රුදු දෙක­කට කලි­නුයි. ඒ විවා­හය සිද්ධ වුණේ ඇගේ පියාගේ කැමැ­ත්තට මිස ඇගේ  කැමැ­ත්තට නෙවෙයි. 

චිත්‍ර ශිල්පි­නි­යක් වෙන්න හීන මැව්ව මේ තරු­ණිය හිටි­හැ­ටි­යේම ගෘහිණි­යක වුණා. ඇගේ සැමියා පාකි­ස්තාන ගුවන් හමු­දාවේ හිටපු පයි­ලට් කෙනෙක්. සංවේ­දි­ක­මක් ගෑවි­ලා­වත් තිබුණේ නෑ...

‘මම රිය අන­තු­රට මුහුණ දුන්නේ ඊට අවු­රුදු දෙක­කට පස්සේ. මෝටර් රථය පැදෙව්වේ මගේම සැමියා. ඔහුට නින්ද ගියා. මෝටර් රථය දරුණු අන­තු­ර­කට ලක්වුණේ මාව සද­හ­ටම ඇවි­දින්න බැරි ගැහැ­නි­යක් කර­මින්. අන­තුර සිදු­වෙද්දී සැමියා නම් මෝටර් රථ­යෙන් ඉව­තට පැන ජීවි­තය බේරා­ගත්තා. මමයි හිර­වුණේ.‘ සිය ජීවි­තය වෙනස් කළ සිදු­වීම ගැන මුනිබා එසේ කිය­නවා. 

 ‘ඔබේ අත් දෙක අප්‍රා­ණි­කයි... ඒ නිසා කව­දා­වත් ඔබට චිත්‍ර­යක් අඳින්න පින්ස­ලක් අතට ගන්න බෑ... ‘දව­සක් රෝහ­ලේදි ඇය අස­ලට පැමිණි වෛද්‍ය­ව­රයා එසේ කීවා.

‘ඔබේ කොඳු­ඇට පෙළට නොසෑ­හෙන්න හානි­වෙලා. ඔබට කව­දා­වත් ඇවි­දින්න බෑ.‘ ‘ඔබට කව­දා­වත් අම්මා කෙනෙක් වෙන්න බෑ..‘

‘මට දැනුණේ ජීවි­තය මොහො­තින් මොහොත මගෙන් ඈත්වෙලා යන බවක්. ඒත් මා අසල සිටි මගේ අම්මා කීවේ දුක්වෙන්න එපා...දෙවි­යන්ට ඔබ වෙනු­වෙන් වෙනම සැලැ­ස්මක් ඇති කිය­ලයි. මම දන්නෙ නෑ එහෙම එකක් තිබ්බද නැද්ද කියලා. ඒත් අම්මාගේ වචන මාව දිරි­ගැ­න්වුවා.‘

‘ඔබ මුනීබා මසා­රිද.?‘ 

එක්තරා දව­සක් අනාථ නිවා­ස­ය­කින් ඇයට දුර­ක­තන ඇම­තු­මක් ලැබුණා. අම්මා කෙනෙක් වෙන්න පුළු­වන් විදිහේ වික­ල්ප­යක් ඒ වන­විට ඇය සොයා ගෙනයි තිබුණේ. දරු­වකු හදා වඩා­ගෙන කැප­කාර මවක් වෙන්නයි ඇයට වුව­මනා කළේ. 

‘පුංචි කොලු පැටි­යෙක් ඉන්නවා... ඔබ කැම­තිද හදා­ගන්න...’ ‘ඔව් මම ඒ දරු­වාට මේ ලෝකේ හොඳම අම්මා වෙන්නම්...’ මුනි­බාට දැන් වයස 32යි. රිය අන­තු­රෙන් පස්සේ ගතවූ අවු­රුදු 12ක කාලය ඇයව එහෙම පිටින්ම වෙනස් කරලා. ඇය ජීවි­තය ජය­ගත්තේ රෝද පුටු­වක ඉඳ­ගෙ­නයි. අන්න ඒකයි කතාව...! ජීවි­තය ජය­ගැ­නීම රෝද පුටු­වක ඉඳ­ගෙන වුණත් කරන්න පුළු­වන් කියලා මුනීබා අපට කියා දුන්නා.

මුනිබා තමයි පාකි­ස්තා­නයේ රෝද පුටු­වෙන් යන එකම චිත්‍ර ශිල්පි­නිය. ඒ වගේම මුල්ම රෝද පුටුවේ මෝස්තර නිරූ­පණ ශිල්පි­නි­යත් ඇයයි. පාකි­ස්තාන ගැහැ­නුන්ට ඇති සීමා මායිම් තුට්ටු­ව­ක­වත් මායිම් නොකළ මේ අපුරු කාන්තාව දැන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ කාන්තා අංශයේ පාකි­ස්තාන නියෝ­ජි­ත­ව­රි­යයි.

කාන්තා­වන්ගේ හා දරු­වන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් පෙර­මුණ ගෙන කට­යුතු කරන සමාජ ක්‍රියා­කා­රි­නි­යක්. පාකි­ස්තා­නයේ අස්සක් මුල්ලක් නෑර කවු­රුත් දැන් මුනී­බාව දන්නවා. පාකි­ස්තා­නයේ ගම්බද පළා­ත්වල මුළු­තැ­න්ගෙට කොටු­වුණු දහස් සංඛ්‍යාත අස­රණ ගැහැ­නුන්ගේ ලෝකයේ එකම වීර­ව­රිය ඇයයි. ඇය උත්ප්‍රේ­රණ දේශන පව­ත්ව­මින් උප­දේ­ශි­කා­වක් විදි­හට තවත් විශාල සේව­යක් කර­නවා. 

‘ජීවි­තය කියන්නේ පරී­ක්ෂ­ණ­යක්. අත්හදා බැලී­මක්. ඒක කව­දා­වත් ලෙහෙසි එකක් නෙවෙයි.  ගන්නා හැම හුස්ම­ක­ටම ආද­රය කරන්න. මර­ණය ඔබ සොයා එන­තුරු ජීවි­තය අත් හරින්න එපා. මිනි­ස්සුන්ට පෙනුණේ මගේ දුබ­ල­තාව විත­රයි. ඒත් මට පෙනුණේ මගේ හැකි­යාව විත­රයි. මම එහෙ­මයි හිතුවේ.. මට ඇවි­දින්න බැරි­වු­ණාට.. දෙපා වාරු නැති වුණාට මොකද ඉතිං..මට රෝද දෙකක්ම තියෙ­න­වානේ. ‘ඔබේ ජීවි­තයේ වීරයා ඔබ­මයි.. වීරයෝ කව­දා­වත් පසු­බ­සින්නේ නෑ.‘ ඒක තමයි මුනි­බාගේ උදාන ගීතය...

 

Comments