On-Arrival-Visa තාවකාලිකව අත්හිටුවීමට පියවර | සිළුමිණ

On-Arrival-Visa තාවකාලිකව අත්හිටුවීමට පියවර

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ලබා දෙන On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් හැකිතාක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

කොරෝනා වෛරසය රට තුළ පැතිරයාමේ අවදානම මඟහරවා ගැනීම සඳහා රජය මඟින් ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රි ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයින් සඳහාද අදාළ වන බවත් එම නිවේදනයේ සඳහන්ය.

රට තුළ ඇතිවන හදිසි තත්ත්වයන් සළකා බලමින් On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීම සාමාන්‍යය ක්‍රමවේදයයි.

මීට පෙර On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවීම සිදු කලේ පසුගිය අප්‍රේල් මස 21වන දින එල්ල කළ ප්‍රහාරයන් සමඟයි.

අනතුරුව තාවකාලිකව නවතා දමා තිබූ නිදහස් පදනම මත විසා ලබා දීමේ ව්‍යාපෘතිය නැවත වතාවක් දියත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ලංකාවට ආකර්ශනය කර ගැනීමේ අරමුණින් On-Arrival-Visa පහසුකම ක්‍රියාත්මකයි. 

 

 

Comments