අසිරිමත් කොරල් පර | සිළුමිණ

අසිරිමත් කොරල් පර

සාගරයේ ඇති කොරල් පර සාගර ජීවී විශේෂයන් හතරෙන් එකකට රැකවරණය සපයයි.

බැලූ බැල්මටම කොරල් ශාකයක් වූව ද එය කුඩා අපෘෂ්ඨවංශි සතුන්ගේ එකතුවක්.

කොරල් වල විද්‍යාත්මක නාමයක් නයිඩේරියා වෙයි.

අප දන්නා කොරල් පර සෑදී ඇත්තේ පොලිප්ස් එකිනෙක මත ගොඩ නැගීම මතය.

කොරල් ජීවත් වීමට ලුණු මිශ්‍ර ජලය අත්‍යවශ්‍ය වෙයි.

කොරල් රාත්‍රී කාලයේ ඔවුන්ගේ ග්‍රාහිකා දිගු කරමින් කුඩා සතුන් අල්ලා ගැනීම සිදු කරනවා.

එය සිදු කරන්නේ තම විස සහිත සෛල වන නෙමටෝසිස්ට්ස් ජලයේ පා කිරීමෙන්.

වෙරළ සංරක්ෂණය කිරීම නිරෝගී කොරල් පර වල ප්‍රධාන කාර්යයක්.

කොරල් පර වලින් බොහෝ ලෙඩ රෝග සඳහා ඖෂධ නිපදවීම සිදු කරනවා.

හෘද රෝග,පිළිකා,ලියුකේමියාව,ලිමිෆෝමාව සහ සමේ රෝග වලට ප්‍රතිකාර කිරීමට කොරල් ශාක යොදා ගන්නවා.

රටට සම්පතක් වූ කොරල් පර රැක ගැනීම අප සැමගේ ජාතික යුතුකමකි.

(පිටපත - යසාරා ජයවික්‍රම)

 

Comments