දිනකට උපත් ආබාධ සහිත දරුවන් 16ක් උපදිති | සිළුමිණ

දිනකට උපත් ආබාධ සහිත දරුවන් 16ක් උපදිති

ලෝක උපත් ආබාධ දිනය මාර්තු මස 03 වෙනිදාට යෙදී තිබුණි.

උපත් ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි බලපෑමකට ලක්වන රටකි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු කළ යුතු බවට බල කරමින් කොළඹ ප්‍රකාශනය නමින් ප්‍රකාශයක් ද පසුගිය දා කොළඹදී පැවති 'සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුව'ට සමගාමීව එළි දක්වන ලදී.

උපත් ආබාධ, ඒවා සිදුවීමට හේතු සහ උපත් ආබාධවලින් දරුවන් මුදා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව පැහැදිලි කරන සටහනකි, මේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සෑම වසරකදී ම කාන්තාවන් 360,000ක් පමණ ගර්භණීභාවයට පත් වන අතර සජීවී දරු උපත් 326,000ක් පමණ සිදුවේ.

එලෙස උපත ලබන ළදරුවන් 5800 දෙනෙකු උපත් ආබාධ සහිතව මෙලොව එළිය දකින අතර ඉන් 650 දෙනෙකු දින 365කට පෙර මිය යති.

මෙම දත්ත අනුව දිනකට ශ්‍රී ලංකාවේ පමණක් උපත් ආබාධ සහිතව උපත ලබන ළදරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 16 දෙනෙකි.

මීට අමතරව, කළලයට මාස 7කට පසු කුස තුළදී මිය යන හෙවත් මළ දරු උපත් 1900ක් වසරකට වාර්තා වේ.

ඉන් 35%ක් කළල ආබාධ හෝ විකෘතිතා හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

(බී.බී.සිය ඇසුරෙනි)

 

Comments