ලොවක් එළිය කළ පුංචි තරු­වක් | සිළුමිණ

ලොවක් එළිය කළ පුංචි තරු­වක්

බාහිර ස්වරූ­ප­යෙන් මනු­ස්ස­කම මනින සමා­ජ­යක...ජීව­ත්වීම කිය­න්නේම දුකක්. කෙන­කුගේ බාහිර පෙනුම හාස්‍ය­යට ලක් කරන... තවත් කෙන­කුගේ 

දුර්ව­ල­කම් සම­ච්ච­ල­යට ලක් කරන සමා­ජ­යක ඉප­දී­මත් ඛේද­ජ­න­කයි.  බලන් ගියාම කොයි රටේත් එකයි. 

ඔස්ට්‍රේ­ලි­යාවේ ක්වීන්ස්ලන්ඩ් නුවර නව හැවි­රිදි ක්වාඩන්ගේ මිනිත්තු හයක වීඩි­යෝව ඊයේ පෙරේදා ලොව පුරා පැතිර යන්නට ගත වුණේ නිමේ­ෂ­යක් 

පම­ණයි. පාසලේ දී හිරි­හැ­ර­ව­ලට ලක්වීම නිසා දැඩි ලෙස කම්පා­වට පත්ව ‘මට තව දුර­ටත් ජීවත් වෙන්න ඕනෙ නෑ‘ කියලා පුංචි දරු­වෙක් හඬ හඬා කියද්දී ඔබට මොන­වද දැනුණේ...? ක්වාඩන්, කුරු බවට එහෙම නැති­නම් 

ශාරි­රික සංව­ර්ධ­නයේ පසු­බෑ­මට ගොදුරු වුණු දරු­වෙකු බව ඇත්ත.. ඒත් ඒක සිද්ධ වුණේ ඒ අස­රණ දරු­වාගේ 

වුව­ම­නා­වට නොවෙයි. ඇත්ත­ටම ඒක රෝගී තත්ත්ව­යක්. 

වීඩියෝ පටය අන්ත­ර්ජා­ල­යට මුදා හැරියේ ක්වාඩන්ගේ මව යාරකා විසි­නුයි.  ඒ ඔස්සේ ඇය අපට පණි­විඩ කිහි­ප­යක්ම දුන්නා. එකක් තමයි පාස­ලේදී හෝ අවට සමා­ජ­යේදී මුහුණ පාන හිරි­හැර දරු­වන් සිය දිවි හානි කර­ගැ­නී­මට ප්‍රබල හේතු­වක් වන බව. අනික තමයි මෙවැනි සංවේ­දි­ පුව­තක් ලොව පුරා ඇසි­ල්ල­කින් පතු­රුවා හැරී­මට අන්ත­ර්ජා­ලය කොයි­ත­රම් ප්‍රබල මෙව­ල­මක් ද කියන එක. 

‘මේ දැන් මං මගේ පුතාව පාස­ලෙන් ගත්තා. ඔහුට හිරි­හැර සිද්ධ වෙනවා. හැමෝම මේක දැන­ගන්න ඕනා. මේ වගේ දරුවෝ ඉන්න අම්මලා....තාත්තලා මේක දකින්න ඕනා. හැම­දාම මේ වගේ මොනවා හරි දෙයක් මගේ පුතාට සිද්ධ වෙනවා. තවත් සිද්ධි­යක්....තවත් හිරි­හැර කිරී­මක්... තවත් නින්දා කිරී­මක්...තවත් නම් පට­බැ­ඳී­මක්.... කරු­ණා­කර ඔබේ මිතු­රන් හා පවුලේ අය දැනු­වත් කරන්න...‘ යාරකා එසේ කියද්දී පසු­බි­මෙන් පෙනෙන්නේ පුංචි ක්වාඩන් හඬා වැල­පෙන අයු­රුයි. 

ක්වාඩන්ගේ වීඩි­යෝව මේ වෙද්දී මිලි­යන විස්ස­කට වඩා නරඹා ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ ඔස්සේ දරු­වා­ටයි, අම්මා­ටයි සුබ පැතුම් කන්ද­රා­වක්, දිරි­ගැ­න්වීම්... ලක්ෂ ගණ­නින්.... ක්වාඩන්ගේ නමින් වෙනම අර­මු­ද­ලක්. කුරු බවට සර­දම් කිරී­මට එරෙ­හිව වෙනම වැඩසට­හ­නක්...තව තව දේවල්.... ක්වාඩන්ගේ පවු­ල­ටම ඩිස්නි­ල­න්තයේ සංචා­ර­යක නිර­ත­වෙන්න දව­සක් ඇතු­ළත ඩොලර් ලක්ෂ­ය­කට වඩා මුද­ලක් එකතු වී තිබුණා. ලොව පුරා සංවේදි හිත් ඇති ජන­ප්‍රිය ක්‍රීඩක  ක්‍රීඩි­කාවන්, හොලි­වුඩ් නළු නිළියන්, දේශ­පා­ල­ඥ­යන්, ව්‍යාපා­රි­ක­යන් වගේම තවත් විවිධ ක්ෂේත්‍ර­වල ධන කුවේ­ර­යන් ක්වාඩන් වෙනු­වෙන් ඉදි­රි­යට පැමි­ණියා. ඔහුට ඔස්ට්‍රේ­ලි­යානු රග්බි කණ්ඩා­යම ක්‍රීඩා කරන තර­ග­ය­කට එක්වීමේ අව­ස්ථා­වත් උදා­වුණා. 

ඒත් ඒ අත­රේදි සිද්ධ වුණු කතාව ඊට වඩා වෙනස්...වේද­නා­කා­රියි. පුංචි ක්වාඩන්ගේ සිදු­වීම එහෙම පිටින්ම විකෘති කර­මින් තවත් පිරි­සක් වෙනම ප්‍රචා­ර­යක් ගෙන ගියා.  ඒක කොයි­ත­රම්  අප්‍ර­සන්න සිදු­වී­මක් ද...?

ක්වාඩන් වැඩි­හි­ටි­යෙක් බවත්, ඔහුගේ නියම වයස අවු­රුදු 18ක් බවත් එහි සඳ­හන් වුණා. ඒ වගේම ඇය ඔහුගේ මව නොවන බවත්, මේ දෙදෙනා එක්ව මුදල් උප­යා­ගැ­නී­මට ජන­තාව රවටා ඇති බවත් ඉන් කියැ­වුණා. ඉන් නොනැ­වතී මේ පිරිස ක්වාඩන් කරන්නේ බොරු­වක් කියලා ඒත්තු ගැන්වෙන විදියේ ඡායා­රූප පෙළක් එක දිගට අන්ත­ර්ජා­ල­යට මුදා හැරියා. 

ඒක හරිම වේද­නා­ත්ම­කයි. ක්වාඩන්ගේ මුල් වීඩි­යෝව වගේම ඔහු ගැන විවේ­ච­නය කළ වීඩි­යෝ­වත් එක රැය­කින් ලොව පුරා පැතිර ගියා. ක්වාඩන් වෙනු­වෙන් කඳුළු සැලූ, ඔහු වෙනු­වෙන් මුදල් එකතු කළ පුද්ග­ල­යන් දැඩි කන­ගා­ටු­වට පත්වුණේ අපි රැව­ටු­ණාදෝ කියා සිත­මි­නුයි. 

ඒත් ඇත්ත කතාව ඊට වෙනස්. ක්වාඩන් කියන්නේ ඇත්ත­ටම අවු­රුදු 9ක කුරු දරු­වෙක්. ඒ දරුවා උපන්නේ 2010 දෙසැ­ම්බ­රයේ 13 වැනිදා.  අවු­රුදු දහ අටේ කතාව හැදුණේ ක්වාඩන් උප­න්දින උත්ස­ව­ය­කදී ගත්තු ඡායා­රූ­ප­යක්  නිසා. ඒක ක්වාඩන්ගේ 18 හැවි­රිදි මිතු­ර­කුගේ උප­න්දින උත්ස­ව­ය­කදී ගත් ඡායා­රූ­ප­යක්. 

අනික අන්ත­ර්ජා­ල­යට මුදා හළා එක්තරා ඡායා­රූ­ප­යක ක්වාඩන් වයින් වීදු­රු­වක් පානය කරන බවක් පෙන්වී­මට උත්සාහ ගත්තත්, ඒ ඡායා­රූ­ප­යේ­ම පසෙක ඇපල් යුෂ බෝත­ල­යක් තිබෙන බව කාටත් පැහැ­දිලි වුණා.  අන්ති­මේදී ක්වාඩන්ගේ සැබෑ වයස ලොවට පැහැ­දිලි කරන්න ඔහුගේ අම්මාට දැඩි වෙහෙ­සක් ගන්න සිදු­ වුණා. වස­රින් වසර පුතාගේ උප­න්දින ඡායා­රූප දින වක­වානු සහි­තව ඇය අන්ත­ර්ජා­ල­යට මුදා හැරියා. 

පුංචි ක්වාඩන් මේ විදි­යට සමා­ජයේ අප­හ­සු­තා­වට ලක්වෙන්න බල­පෑවේ ඔහුගේ කුරු බව පම­ණක්ම නෙවේ. ක්වාඩන් කියන්නේ ඔස්ට්‍රේ­ලි­යා­වට ආවේ­ණික අබෝ­රි­ජි­නල් ආදිවාසි­න්ගෙන් පැවැත එන දරු­වෙක්. උසුළු විසු­ළු­ව­ලට ලක්වෙන්න ඒකත් කාර­ණා­වක් වුණා. 

කවුරු කොහොම කිව්වත් අන්ති­මට ක්වාඩන් ලෝකය ජය­ගත්තා. එයා එයාගේ ජීවි­ත­යට වෙනම පාටක් හොයා­ගත්තා. ඒක ලෝකයේ එවැනි අසා­මාන්‍ය විදි­යට ශාරී­රි­කව කුරු බවට පත් වුණු කාගෙත් ජීවි­ත­ව­ලට ආලෝ­ක­යක් වේවි. කව­දා­හරි දව­සක ක්වාඩන් තරු­වක් බවට පත් වේවි. 

එයා අඩි හත­ර­හ­මා­ර­කට වඩා උස යන එකක් නැති­වේවි. ඒත් මනු­ස්ස­කම අතින්.... මිනිසුන් අතර වෙනම පාටක් හොයා ගැනීම අතින්... ක්වාඩන් කා අත­රත් උසට පෙනේවි. ඒක සහ­ති­කයි.

 

 
 

Comments