ආදරය මුසු වූ සේයා සිත්තම් | සිළුමිණ

ආදරය මුසු වූ සේයා සිත්තම්

සිංහල සිනමා වංශ කථාවේ විජය කුමාරතුංග නම් ජනකාන්ත රංගනවේදියාගේ නම රන් අකුරින් ලියැවුණේය. රිදී තිරයේ ප්‍රේමවන්තයා ලෙස ඔහුගේ අසහාය රංගන පෞරුෂය ලොකු පොඩි කොයි කාගෙත් සිත වශී කළේය.

ආරෝහ පරිණාහ දේහය, බොකුටු කොණ්ඩය හා ගැඹුරු කටහඬ එක් වූ තැන බිහි වූ මේ අසහාය කලාකරුවාගේ රංගන කෞශල්‍යය විශද කළේ එක් සිනමා පටයකින්, දෙකකින් පමණක් නොවේ. කොයිකාගේත් සිත් සතන් තුළ ආදරණීය මතකයන් ගොන්නක් ශේෂ කරමින් බලාපොරොත්තු රහිත විරාමයක අප අතරින් වෙන්ව ගියත් යුග යුග ගණන් රසික හදවත් තුළ ඔහුගේ ශ්‍රී නාමය රාව ප්‍රතිරාව දෙන තරමේ පුදුම දෛවයක් ඔහුගේ දෛව රේඛාවේ සටහන් වී තිබුණි. මේ ගෙවෙන්නේ ඔහුගේ වියෝවින් වසර 32 ගුණ සැමරුමයි...

Comments