රාජ්‍ය අංශය ඩිජි­ට­ල්ක­ර­ණ­යට ඊශ්‍රා­යල සහාය | Page 3 | සිළුමිණ

රාජ්‍ය අංශය ඩිජි­ට­ල්ක­ර­ණ­යට ඊශ්‍රා­යල සහාය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ඩිජි­ට­ල්ක­ර­ණය සහ සයි­බර් ආර­ක්ෂාව වැඩි දියුණු කිරී­මට තාක්ෂ­ණික සහාය ලබා දීමට ඊශ්‍රා­ය­ලය එකඟ වී තිබේ.

ආර­ක්ෂක ලේකම් මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­රත්න මහතා හමු වූ ශ්‍රී ලංකාවේ ඊශ්‍රා­යල තානා­පති ආචාර්ය රොන් මල්කා මහතා ඒ බව පැව­සීය.ඊශ්‍රා­ය­ලය සතු සියලු දියුණු තාක්ෂ­ණික අංශ­යන් ශ්‍රී ලංකාවේ දියු­ණුව පිණිස ලබා දීමට කට­යුතු කරන බව පැවසූ මල්කා මහතා මෙරට හමු­දා­මය සබ­ඳතා ශක්ති­මත් කිරීම, බුද්ධි තොර­තුරු හුව­මාරු කර ගැනීම සහ ත්‍රිවිධ හමු­දාවේ සහ ශ්‍රී ලංකා පොලි­සියේ නිල­ධා­රීන් වෙනු­වෙන් වැඩි පුහුණු අවස්ථා ලබා දෙන බවද පෙන්වා දුන්නේය. ලෝකයේ හොඳම බුද්ධි සේවා­වක් පව­ත්වා­ගෙන යාම සම්බ­න්ධ­යෙන් ඊශ්‍රා­ය­ලය කීර්ති­යට පත්ව ඇත.

Comments