16 වැනි රයි­ගම් උලෙළ මාර්තු­වේදී | සිළුමිණ

16 වැනි රයි­ගම් උලෙළ මාර්තු­වේදී

මෙවර පැවැත්වෙන දස වැනි රයිගම් සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා පැවැත්විණි. මාර්තු 21 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙන අතර ‍උලෙළ සඳහා අනුග්‍රහය දක්වන ආයතන තම චෙක්පත් ප්‍රදානය රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සමඟ නිල වශයෙන් ද සිදු කරන ලදී. මෙයට ප‍ූර්වගාමීව නිර්දේශිත නාම එළිදැක්වීම පෙබරවාරි මස 28 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය. රයිගම් ටෙලි මෙවර උලෙළේ තේමාව වනුයේ නිදහසේ ‘දාසය’ (16) යන්නයි. උලෙළ සඳහා අයදුම්පත් සහ නිර්මාණ බාරගැනීම මේ වනවිට ආරම්භවී තිබේ. 0707061976/508/606 යන දුරකථන අංකවලට ඇමැතීමෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන්ට වැඩි විස්තර ලබා ගත හැකි ය.

Comments