මධුරි ලංකා­ව­ට‍ ­ ඇ­විත් | සිළුමිණ

මධුරි ලංකා­ව­ට‍ ­ ඇ­විත්

අනූව දශකයේ දී රූ සිරියෙන් අගතැන්පත් රැජනක් බවට පත් වූ මධුරි ඩික්සිත් පසුගියදා ශ්‍රී ලංකාවේ අසිරිය විඳගන්න පැමිණ සිටියා. ඇගේ සැමියා, වෛද්‍ය ශ්‍රී රාම් මාධව් නෙනේ සමඟ මෙරටට පැමිණි ඇයට අවශ්‍ය වී තිබුණේ සොබාදහමේ සුන්දරත්වය නොඅඩුව සපිරුණු පෙදෙස් කිහිපයක සංචාරය කරන්නයි.

 

විශේෂයෙන් ම කන්ද උඩරට ප්‍රදේශයේ සැරිසරමින් තේ වතු මැදින් පියමං කළ නෙනේ යුවළ එම අවස්ථාවන් ඡායාරූපවලට සහ වීඩියෝ දර්ශනවලට හසුකරගත්තා. ඒ ලස්සන අවස්ථා තම ට්විටර් පිටුවට එක් කරන්නත් මධුරි ප්‍රමාද වුණේ නැහැ. මෙම ඡායාරූපවලට ඉහළින් ඇය සඳහන් කළේ “ස්වභාව සෞන්දර්යය විඳීම මගේ හොඳම චිකිත්සාවයි” යනුවෙන්.

මධුරි විතරක් නෙමෙයි. ඇගේ සැමියා ශ්‍රී රාම් ද ශ්‍රී ලංකාවේ දී ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ට්විටර් පිටුවට එක් කරමින් මේ වැකිය සටහන් කර තිබුණා...

“මෙවැනි පාරාදීසයකට පියාඹා යෑම හරිම මිහිරියි” උදෑසන ආහාරය ගත් අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූපයකටත් ඔහු කදිම සටහනක් යොදා තිබුණා...

“උදේ ආහාරය ගෙන අපි, ශ්‍රී ලංකාවේ තේ වගාවත් තේ කොළ නිෂ්පාදනය කිරීමේත් අපූර්වත්වය විඳගත්තා. මේ තේ සංස්කෘතිය ආසියාවම මවිත කරවන සුලුයි.”

 

මධුරි විදේශ සංචාරවලදී බෙහෙවින් ඇලුම් කරන්නේ ස්වභාව සෞන්දර්යය මනාව කුළුගැන්වෙන කඳුකර ප්‍රදේශවලටයි. ඒ නිසා වෙන්න ඇති ඇය උඩරට ප්‍රදේශයේ සංචාරය කළේ. පසුගිය ඔක්තෝබරයේදී ඇය, තම සැමියා සහ දරු දෙදෙනාත් සමඟ සී ෂෙල්ස් දිවයිනේත් සංචාරය කළා. ඒ ඔවුන්ගේ 20 වැනි විවාහ සංවත්සරය සමරන්නයි.

Comments