ලබන සතියේ ස්විස් - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කතා­බ­හක් | සිළුමිණ

ලබන සතියේ ස්විස් - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කතා­බ­හක්

 

මෙරට ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යාල නිල­ධා­රිනී ගානියා බැනි­ස්ටර් ෆ්රැන්සිස් පැහැ­ර­ගත් බව කියන සිද්ධිය හා දැනට පව­තින තත්ත්වය පිළි­බ­ඳ ඉදිරි සති­යේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ට­මින් සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට තීර­ණය කර තිබේ.

විදේශ කට­යුතු පිළි­බඳ අමාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා සහ ස්විට්ස­ර්ලන්ත විදේශ කට­යුතු අමාත්‍ය ඉග්නා­සියෝ කාසිස් අතර පැවැති දුර­ක­තන සංවා­ද­ය­කින් පසු මේ තීර­ණය ගෙන ඇති බව එරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

ඒ අනුව මෙරට හිටපු ස්විට්ස­ර්ලන්ත තානා­ප­ති­ව­ර­යකු වන ජෝර්ජ් ෆ්‍රීඩන් මහ­තාද ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර, මේ සිද්ධිය පිළි­බඳ සොයා බැලී­මට ඔහු මෙරට රජ­යට සහාය දක්වනු ඇතැයි පැවසේ.

Comments