2019 දෙසැම්බර් 10 කොළඹ දීය - එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක ක්රියාවට නැංවීමේ අරමුණින් සහ මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණින් සංවිධානය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැම්බර් 14 සහ 15 යන දිනවලදී කොළඹ නිදහස් චතුරස්ර පරිශ්රයේදී පැවැත්වෙයි.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් පදනම් කරගනිමින් ක්රියාත්මක වන තරුණ සංවිධානයක් වන The Road to Rights සංවිධානය විසින් මෙම PEACE EXPO & COLOMBO FOOD FEST 2019 සංවිධානය කරනු ලබයි. ගෝලීය වශයෙන් ක්රියාත්මක වන තිරසර සංවර්ධන ඉලක්ක දේශියකරණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදරිපත් වන සියලු පාර්ශව එක් ස්ථානයකට එක්රැස් කරමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක සහ ඒ හා බැඳුනු ප්‍රජා ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන සාකච්ඡා සභාවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතය.
Peace Expo 2019 ට සමගාමීව පැවැත්වෙන ආහාර පාන සැණකෙළිය සඳහා විවිධ වර්ගවල ආහාර අලෙවිකරුවෝ, අවන්හල් සහ හෝටල්කරුවෝ රැසක් සහභාගි වෙති.