සැලසූ සහන ජන­තා­වට ලැබෙ­න­වා­දැයි සොයන්න ජන­ප­ති­ගෙන් මන්ත්‍රීන්ට උප­දෙස් | සිළුමිණ

සැලසූ සහන ජන­තා­වට ලැබෙ­න­වා­දැයි සොයන්න ජන­ප­ති­ගෙන් මන්ත්‍රීන්ට උප­දෙස්

සැලසූ බදු සහන මහ­ජ­න­තාව වෙත සත්‍ය ලෙසම ගලා යන්නේ­දැයි සොයා බලන ලෙස ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට උප­දෙස් දී තිබේ. තව­දු­ර­ටත් ජන­තා­වට සැල­සිය හැකි කඩි­නම් සහන පිළි­බඳ සොයා බලන ලෙසත්, විශේ­ෂ­යෙන්ම දුගී පවු­ල්වල පුද්ග­ල­යන්ට රැකියා දීමේ ක්‍රම­වේද පිළි­බඳ කට­යුතු කරන ලෙසත් ජනා­ධි­ප­ති­ව­රයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට පවසා ඇත.

ඉදිරි මහ­මැ­ති­ව­ර­ණය පිළි­බඳ ජනතා අද­හස් ලබා­ගෙන, ඒ සඳහා සූදා­නම් වීමට ගත යුතු පිය­වර පිළි­බ­ඳ­වද ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මේ මන්ත්‍රී­ව­රුන්ට උප­දෙස් දී තිබේ.

Comments