භාතිය සන්තූෂ් සහ ළහිරු එකම වේදි­කා­වක ගී ගයන සොඳුරු සැඳෑව දෙසැ­ම්බර් 14 වන දා රත්ම­ලාන ස්ටයින් මැදි­රි­යේදී | Page 2 | සිළුමිණ

භාතිය සන්තූෂ් සහ ළහිරු එකම වේදි­කා­වක ගී ගයන සොඳුරු සැඳෑව දෙසැ­ම්බර් 14 වන දා රත්ම­ලාන ස්ටයින් මැදි­රි­යේදී

ශ්‍රී ලංකේය නූතන සංගීත ක්ෂේත්‍රය නවමු මාවතට රැගෙන ගිය භාතිය, සන්තුෂ්, ළහිරු සහ නාද්‍රෝ වාදන වෘන්දයේ නිර්මාතෘ, රඛිත රුවන් වික්‍රමරත්න සමඟ එක්ව Red Bull ශ්‍රී ලංකා දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමකට සුදානම් වෙයි. ප්‍රසංගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වන දින රත්මලාන ස්ටයින් මැදිරියේදී ය.

පොප්, බයිලා සහ ෆෝක් ෆියුෂන් (folk fusion) ශෛලීන් තුන නියෝජනය කරමින් නවක සංගීතඥයන් සිව් දෙනකු හඳුන්වා දීමේ සංකල්පයකට අනුව ඉදිරිපත් කෙරෙන මේ ප්‍රසංගය ලාංකේය ප්‍රාසංගික කලාවේ නවමු අත්දැකීමක් ලබා ගත හැකි ප්‍රසංගයක් වෙනු ඇත.

Red Bull ශ්‍රී ලංකා විසින් පොප් කාණ්ඩයෙන් යොහානි සහ සුහයිල්, බයිලා කාණ්ඩයේ මිනුර සහ ෆෝක් ෆියුෂන් (folk fusion) කාණ්ඩයෙන් ශෂික හඳුන්වා දෙනු ලබන අතර, ඔවුන් භාතිය, සන්තුෂ්, ළහිරු සහ රඛිත සමඟ එකම වේදිකාවක ගායනයෙන් එක් වෙති. එය

ලාංකේය තරුණ පරම්පරාවට දැවැන්තයන් සමඟ අත්දැකීම බෙදාගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. මෙම ප්‍රසංගය නව සංගීත සංස්කෘතියක ඇරැඹුමක් වනු ඇතැයි මේ ජනප්‍රිය ශිල්පින් බලාපොරොත්තු වන අතර ඉදිරියේදී වාර්ෂිකව මේ ප්‍රසංගය වේදිකාගත කිරීමට සංවිධායකයන් සැලසුම් කර ඇත.

එයින් ලංකාව පුරා විසිර සිටින සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන තරුණ පරම්පරාවට පන්නරයක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි. Red Bull ලොව රටවල් රැසක සංගීත ක්ෂේත්‍රයේ මෙවැනි ව්‍යාපෘති සිදු කරන අතර මෙරට නව පරපුරට ද දෙස් විදෙස් ප්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හා මගපෙන්වීම ලබා දීමටද කටයුතු කරයි.

 

Comments