එජාප නාය­ක­ත්ව­යත් සජිත්ට | Page 2 | සිළුමිණ

එජාප නාය­ක­ත්ව­යත් සජිත්ට

එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්වය ද සජිත් ප්‍රේම­දාස මහ­තාට හිමි­ වනු ඇතැයි පක්ෂයේ ආරංචි මාර්ග සඳ­හන් කරයි.

ඉදිරි සති කිහි­පය ඇතු­ළත කැඳ­වනු ලබන එක්සත් ජාතික පක්ෂ සම්මේ­ල­න­යේදී මේ සම්බ­න්ධව ප්‍රකාශ කිරී­මට නිය­මි­තව ඇත.

ඉකුත් සතියේ පක්ෂ මූල­ස්ථා­න‍යට රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යම විසින් විපක්ෂ නායක ධූරය සඳහා සජිත් ප්‍රේම­දාස මහතා නම් කළ අතර ඒක­ම­ති­කව ඔහු ඒ සඳහා සුදුසු බව සම්මත වූහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් බහු­ත­ර­යක මතය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නාය­කයා සජිත් ප්‍රේම­දාස මහතා විය යුතු බවයි.

Comments