බෝම්බ බියකින් "මාවල් ඉටර්නල්ස්" රූගත කිරීම් අත්හිටුවයි | සිළුමිණ

බෝම්බ බියකින් "මාවල් ඉටර්නල්ස්" රූගත කිරීම් අත්හිටුවයි

කොමික් රසිකයන්ගේ ආදරයට පත් මාවල් සමාගමේ සිව් වන අදීරයට අයත් Eternals චිත්‍රපටය ලබන වසරේ නොවැම්බර් මස 6 වන දින තිරගත වීමට නියමිතයි.

කැනරි දූපතේ Fuerteventura හි තිරගත කරනු ලබන මෙම සලරුව සඳහා සුරූපී නිළි ඇන්ජලීනා ජොලි, ගේම්ස් ඔෆ් ත්‍රෝන් හි රිචර්ඩ් මැන්ඩන් හා කැප්ටන් මාවල් හි මිනර්වාගේ චරිතයට පණ දුන් ජෙමෝ චන් යන ප්‍රසිද්ධ නළු නිළියන් රංගනයෙන් දායක වෙයි. 
 
චිත්‍රපටය රූගත කරන ස්ථානයේ තිබී බෝම්බයක් හමු වී ඇති අතර නළු නිළියන් හා කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම එම දූපතේ තිබූ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇත. 
 
"ලෝකයේ දැවැන්තම තරු රැසක් එම වෙලාවේ රූගත කරන ස්ථානයේ සිටි අතර ඕනැම අයෙක්ට හානියක් වීමට ඉඩ තිබ්බා. ඒත් වාසනාවට විශේෂඥයන් ඒක ගැන වග බලාගත්තා." 
 
"ඒක හරිම භයානකයි. බෝම්බය එහි දශක ගනනාවක් තිබිලා තියෙනවා. කවුරුහරි බෝම්බය ඇල්ලුවානම් මොනවගෙන් මොනවා වෙයිද කියලා කවුද දන්නේ ?"

යනුවෙන් එම අවස්ථාවේ සිටි අයකු සන් පුවත්පතට පවසා ඇත. 
 
දෙවන ලෝක යුද්ධ කාලයේදී නාසීන් ස්පාඤ්ඤයේ කදවුරුලාගෙන සිට ඇත. සන් පුවත්පතට අනුව එම රූගත කරන ලද ස්ථානයේ පෙරදී නාසි කඳවුරක් තිබී ඇති අතර එම පුපුරා නොගිය බෝම්බය දේන ලෝක යුද්ධ කාලයට අයත් බෝම්බයක් යැයි සැක කරයි. 
 
ඉටර්නල් යනු ලොව සුපතල කොමික් (චිත්‍ර කතා) රචකයකු වන ජැක් ක්‍රිබ්‍රි මාවල් ආයතනය වෙනුවෙන් රචනා කරන ලද "ඉටර්නල්" නම් කොමික් කතා මත පදනම්ව නිර්මාණය කරන ලද සිනමා සිත්ත්තමකි.
 
1976 ජූලි මස ජැක් ක්‍රිබ්‍රි විසින් පළමු ඉටර්නල් චිත්‍ර කතාව Eternals #1 නමින් රචනා කර ඇති අතර මීට වසර මිලියන ගනනකට පෙර පෘථිවියට පැමිනෙණ Celestials නම් බුද්ධිමත්, බලවත් පිටසක්වල ජීවීන් පිරිසක් විසින් ප්‍රාග් මානවයන්ට සිදුකරන ලද ජානමය පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බිහිවූ සුපිරි අධිමානුෂික ජීවීන් කොට්ඨාසය ඉටර්නල් ලෙස හදුන්වනු ලැබෙයි. 

 

Comments