පාස්කු කමි­ටුවේ සාක්ෂි විම­සීම අව­සන් | සිළුමිණ

පාස්කු කමි­ටුවේ සාක්ෂි විම­සීම අව­සන්

ජනා­ධි­පතිවරයා සාක්ෂි දුන් අයුරු. ඡායා­රූ­පය - සුදත් සිල්වා
ජනා­ධි­පතිවරයා සාක්ෂි දුන් අයුරු. ඡායා­රූ­පය - සුදත් සිල්වා

 

ප්‍රේල් මස 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහා­රය පිළි­බඳ සොයා බැලී­මට පත් කළ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විම­සීමේ කට­යුතු සියල්ල අව­සන් බවත්, එහි අව­සන් වාර්තාව ඔක්තෝ­්බර් දෙවැනි සති­යේදී පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන බවත් ඒ කමි­ටුවේ සභා­පති, නියෝජ්‍ය කථා­නා­යක ආනන්ද කුමා­ර­සිරි මහතා සිළු­මි­ණට පැවැ­සීය.

 

මේ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට 54 දෙනකු සාක්ෂි දී ඇති අතර, එහි අව­සන් සාක්ෂි ලබා­ගෙන ඇත්තේ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙනි.

අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ මැති-ඇමැ­ති­ව­රුන් ඇතුළු රාජ්‍ය සේවා නිල­ධා­රීන්ද මේ කොමි­සම හමුවේ විටින් විට සාක්ෂි ලබා දුන්හ.

මේ සඳහා නියෝජ්‍ය කථා­නා­යක ආනන්ද කුමා­ර­සිරි මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාවේ සාමා­ජි­ක­යන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය වෙත පසු­ගිය සිකු­රාදා පැමිණි අතර ඒ සාක්ෂි විම­සීම පැය දෙක­හ­මා­රක් පමණ පැවැති බව වාර්තා වෙයි.

මේ සාක්ෂි විම­සී­මෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් මල­ල්ගොඩ කමිටු වාර්තාවේ නිර්දේ­ශද මේ කමි­ටුව වෙත ලබා දුන් බව කමිටු සභා­ප­ති­ව­රයා පැවැ­සිය. කමි­ටුවේ කට­යුතු මාධ්‍යට විවෘත වුවද ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් සාක්ෂි විම­සීමේ කට­යුතු මාධ්‍යට විවෘත වූයේ නැත.

Comments