ජීවන්ගේ ‘ජීවා’ අැරඹෙයි | සිළුමිණ

ජීවන්ගේ ‘ජීවා’ අැරඹෙයි

ප්‍රවීණ නළු, චිත්‍රපට නිෂ්පාදක ජීවන් කුමාරතුංග විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ජීවා‘ මුහුරත් උලෙළ පසුගියදා කිංස්බරි හෝටල් පරිශ්‍රයේදි සිදුකෙරිණි. සිංහල සිනමා කර්මාන්තයට එක්වන නවතම චිත්‍රපට නිෂ්පාදක සමාගමක් වන තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සමඟින් ඉසුරු බණ්ඩාර මෙයට නිෂ්පාදන දායකත්වය දක්වා ඇත. ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, කැළුම් ආර්යන්, දර්ශන් ධර්මරාජ්, ගයාන් මාපලගම, කුමාර රණේපුර, ජීවන් හඳුන්නෙත්ති, ආනන්ද අතුකෝරල ඇතුළු පිරිසක් ‘ජීවා‘ සඳහා රංගන දායකත්වය ලබා දෙනු ඇත. ත්‍රිශූලදීප තඹවිට කැමරා අධ්‍යක්ෂණයෙන් ද සංගීත අධ්‍යක්ෂනයෙන් සුනිල් ධර්මසේන, කලා අධ්‍යක්ෂණයෙන් සරත් සමරවික්‍රම,මාධ්‍ය සම්බන්ධිකරණයෙන් ඇන්ටන් ජේ ප්‍රනාන්දුද, නිෂ්පාදන කළමනාකරනණයෙන් සුසන්ත කැලුම්ප්‍රිය සමඟින් චාමර උපේක්ෂිත එක්වන ‘ජීවා‘ තිර රචනය කැලුම් ආර්යන්ගෙනි.

ඡායාරූප - සීතන් ගුණවර්ධන

Comments