කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ PIM ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ 18 වැනි මහා සභාව පසුගියදා පැවැති අතර එහි සභාපතිත්වය ජයලාල් හේවාවසම් මහතාට පිරිනමන ලදී. ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරියකු වන හේවාවසම් මහතා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරුවන්ගේ සංගමයේ හා වරලත් රක්ෂණ සංගමයේද, ශ්‍රී ලංකා වරලත් රක්ෂණ වෘත්තිකයන්ගේ සභාවේද සාමාජිකයෙකි. වරලත් අලෙවිකරුවකු හා වරලත් රක්ෂණ වෘත්තිකයකු ලෙස වසර 22ක පළපුරුද්දක් ඇති ඔහු දැනට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගමේ කළමනාකරණ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සිය නායකත්වය යටතේ විශ්වවිද්‍යාල, විද්වත් ආයතන, පෞද්ගලික සමාගම් හා රජයේ ආයතන වෙනුවෙන් උසස් මට්ටමේ වැඩමුළු හා බුද්ධිමය වැඩසටහන් සඳහා වැඩි වශයෙන් යොදවන්නට අපේක්ෂා කරන බව හේවාවසම් මහතා පැවසීය. විවිධ ක්ෂේත්‍ර හා විශේෂඥතා නියෝජනය කරන සාමාජිකයන් 3000කින් පමණ සමන්විත PIM විද්වතුන්, සමාගම්, විදේශිකයන් සහ රාජ්‍ය අංශය එක්තැන් කරන ජාතික වැදගත්කමකින් යුතු අවස්ථා සංවිධානය කරයි.