පාස්කු ප්‍රහා­ර­යෙන් අස­රණ වූ සංචා­රක කර්මා­න්ත­යෙන් යැපෙ­න්නන් ගැන සොයා බලන්න | Page 3 | සිළුමිණ

පාස්කු ප්‍රහා­ර­යෙන් අස­රණ වූ සංචා­රක කර්මා­න්ත­යෙන් යැපෙ­න්නන් ගැන සොයා බලන්න

පාස්කු බෝම්බ ප්‍රහා­රය නිසා සංචා­රක කර්මා­න්තය බිඳ වැටුණි. මේ නිසා මෙරට රැඳී සිටි, මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව සිටි බොහෝ සංචා­ර­ක­යන් සිය සංචා­ර­යන් අව­ලංගු කළ අතර එහි පහර වැදුණේ මේ තාක් මෙරට සංචා­රක කර්මා­න්තය දියුණු වීමට හේතුවූ, සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණය වීමට පෙල­ඹවූ සංචා­රක ආය­තන, සංචා­රක මාර්ගෝ­ප­දේ­ශ­ක­යන්, හෝටල් ආය­තන, ඍජු හා වක්‍ර සංචා­රක රැකියා කර­න්නන්ය.

බොහෝ හෝට­ල්වල, සංචා­රක නියෝ­ජිත ආය­ත­න­වල සේවය කර­න්නන්ට ඉවත් වීමට සිදුවූ අතර තම වැටුප ද අහිමි විය. රටේ අන­න්‍ය­තාව සංචා­ර­ක­යන් වෙත ගෙන ගිය සංචා­රක මාර්ගෝ­ප­දේ­ශ­ක­යන්ට තම කුස­ගිනි නිවා ගැනී­මට පවා මුදල් නැති­විය. එසේම ඍජු හා වක්‍ර ලෙස සංචා­රක කර්මා­න්ත­යට සම්බන්ධ රැකියා කරන කුඩා වෙළෙ­ඳාම් සිදු­ක­රන, ආහාර සැප­යු­ම්ක­ර­න්නන්, හස්ත කර්මාන්ත සිදු කර­න්නන් ආදී බොහෝ පිරි­ස­කට තම කුස­ගිනි නිවා ගැනී­මට එදා වේල පවා සොයා ගැනී­මට අප­හසු විය. ඇතැම් පුද්ග­ල­යන් තම ණය තුරුස් ගෙවා ගැනී­මට පවා නොහැකි අස­රණ වී ඇත. ඔවුන් තව­මත් වැටුණු වළෙන් ගොඩ ඒමට නොහැ­කිව අස­රණ වී ඇත.

එම­නිසා ඔවුන්ගේ හෙට දවස වෙනු­වෙන් යම් සහ­න­දායි වැඩ­පි­ළි­වෙ­ළක් ප්‍රාදේ­ශීය, ග්‍රාමීය, නාග­රික වශ­යෙන් දියත් කර මෙරට සංචා­රක කර්මා­න්තය යළි නඟා සිටු­වී­මට බල­ධා­රින් විසින් කට­යුතු කරන්නේ නම් යහ­පත්ය.

දර්ශිකා තරං­ගනි

Comments