උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කාලය අඩු කිරීම පිණිස රඹුක්කන හා කඩුගන්නාව අතර දුම්රිය ධාවනය විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ආරම්භ කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජන රණතුංග මහතා සිළුමිණට පැවසීය.
ඒ යටතේ රඹුක්කන හා කඩුගන්නාව අතර මාර්ගයේ දුම්රිය මාරු වන ස්ථාන වැඩි කිරීමට හෝ දුම්රිය සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම හෝ වෙනත් වැඩි දියුණු කළ හැකි සංවර්ධන ක්‍රියාදාම සම්බන්ධව සොයා බැලීම මෙහි අරමුණ බව ඇමැතිවරයා කීය. මේ වන විටත් පේරාදෙණිය හා මහනුවර අතර ද්විත්ව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ අරඹා ඇතැයි කී ඇමැතිවරයා ඉදිරියේදී කඩුගන්නාව සිට කටුගස්තොට දක්වා විදුලි දුම්රිය සේවාවක් අරඹන බවද පැවසීය. මේ වසර අග වන විට කොළඹ හා මහනුවර අතර තවත් දුම්රිය කීපයක් ධාවනයට කටයුතු යෙදීමෙන් පසු මේ මාර්ගයේ දුම්රිය තදබදය අඩු කිරීමට පියවර ගත යුතු බවද ඇමතිවරයා කීය.