එඩ්වඩ්-චරිතා “මාරම්බරී” සමඟ නවසීලන්තයට | සිළුමිණ

එඩ්වඩ්-චරිතා “මාරම්බරී” සමඟ නවසීලන්තයට

විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී සුගායන“මාරම්බරී“ ප්‍රසංගය සැප්තැම්බර් 7 වන දා එරට වේලාවෙන් රාත්‍රී 7.00ට නවසීලන්තයේදී පැවැත්වේ. ඉන්ද්‍රජිත් මිරිහානගේ සංගීතයෙන් හැඩගැන්වෙන මේ රාත්‍රිය වර්ණවත් කිරීම සඳහා ලංකාවේ සුප්‍රකට තාල වාද්‍ය ශිල්පී ධනංජය සෝමසිරි ද සහභාගී වේ. පළමු වරට නවසීලන්තයේදී පවත්වන “මාරම්බරී“ ප්‍රසංගය සඳහා නිවේදනයෙන් දායකවන්නේ මාධ්‍යවේදියකු, ජනප්‍රිය ගේය පද රචකයකුවන ප්‍රියානන්ද විජේසුන්දරය.

2010 ජනවාරි ඇරැඹි “මාරම්බරි“ ප්‍රසංගයට 2020 වන විට වසර දහයක් සපිරෙන අතර පසුගිය දි‍ෙනක එහි සියවැනි ප්‍රසංගය කොළඹ නෙළුම් පොකුන රඟහලේදී උත්සවශ්‍රීෙයන් පැවැත්විණි.මේ වනවිට ‘මාරම්බරී“ දිවයින පුරා ප්‍රසංග එකසීය විසිපහකට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති අතර විදේශීය වශයෙන් එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්ව්ස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කුවෙට්, ඩුබායි, අමෙරිකාව, කැනඩාව ආදී රටවල් බොහොමයක සංචාරය කොට ඇත.

සේයාරුව - ටෙනි

Comments