ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කමක් ඇති මහින්ද්‍රා සමුහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම කොළඹට නුදුරු වැලිපැන්න හි දී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරඹීමත් සමග ගෝලීය වශයෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පියවරක් තබා ඇත. මහින්ද්‍රා අයිඩියල් වශයෙන් නම් කරන ලද එම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයිඩියල් මෝටර්ස් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබයි.
එම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද දින තම පළමු නිෂ්පාදනය වන Mini SUV KUV1OO එළි දැක්වීය
එම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා , ප්‍රධාන ජාත්‍යන්තර මෙහයුම් නිලධාරී අරවින්ද් මැතිව් මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා මහතා,” මෙම මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකා වෙෙළඳ පොළට පිවිසීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාව අපගේ උපායමාර්ගික වෙළඳපොළක් වන අතර මේ කාර්මාන්ත ශාලාව ඇරඹීමත් සමඟ දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන නිෂ්පාදන නිසි වේලාවට ලබා දීමේ හැකියාව අප සතු කිව යුතුයි. මෙය රටේ කාර්මික සංවර්ධනයට පමණක් නොව විශාල රැකියා උත්පාදනයකටත් මඟ පෑදෙන බව විශ්වාසයයි ”පැවසීය. අන්තර්ජාතික මෙහෙයුම් ප්‍රධානී අරවින්ද් මැතිව් මහතා අදහස් දක්වමින් ”වසර ගණනාවක් පුරා අයිඩියල් මෝටර්ස් සමග තිබු අපගේ නොබිදෙන සහයෝගීතාව දිනෙන් දින ශක්තිමත් වෙමින් ජයග්‍රාහී මාවතකට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවයක් ලබාදීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි පැවසීය.