‘ඒකාධිපතියෙක් තමයි ඕන’
‘ආඥාදායකයෙක්ට තමයි රට හදන්න පුළුවන්’
‘රටට විනයක් ඕන; දැඩි පාලනයක් ඕන’
මේ සමහරු කියන කතා ය.
‘ඒ වැඩේට හරියන්නේ ගෝඨා’
ඒ තවත් කතාවක් ය; බොහෝ දෙනකුට අමතක අතුරු කතාවක් තිබේ.
ඔහු 'ලස්සන ජීවිතයකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළ කරමින් නාගරික ජනයා බුරුතු පිටින් පන්නා දැමූ මිනිසා ය. කොළඹ නගරය ලස්සන නගරයක් කිරීම සඳහා වූ සිය සිහිනය ප්‍රකාශයට පත්කරමින් ගෝඨා කීවේ පර්ච් එකක් දෙකක් වැනි කුඩා බිම්කඩවල ජීවිතය ගෙවන කොළඹ පැල්පත්වාසීන්ට පහසුකම් සහිත වඩා හොඳ මහල් නිවාස ලබාදෙන බව වුවත් ඔවුන්ට ලැබුණේ වර්ගඅඩි 272ක කුකුළු කූඩු ය. 'ඉඩදෙන්න' යැයි ආදරණීය දැන්වීම සමාජගත කරමින් ගෝඨා සැබවින්ම කළේ 'මිලිටරි' පන්නයේ එළවා දැමීමකි. ඒ එළවා දැමීමේ රඟ මොනතරම් ද කීවොත් ඊට එරෙහිව වචනයක් කී අයකු වෙත්නම් ඔහු 'නොකවුට්' විය.
එදා ව්‍යාජ ආදරණීය බවකින් 'ඉඩ දෙන්න' යැයි පවසා ක්‍රියාවෙන් 'පලයව්' යැයි කියූ ගෝඨා මෙදා 'වියත් මඟ' හරහා රට හදන හැටි කියයි. එය වියත් මඟක් නොව 'විපත් මඟක්' බව කියන්නේ ගෝඨාගේ පරණ කල්ක්‍රියාව දන්නා මිනිස්සු ම ය.
ගෝඨා කියන්නේ ම 'නීතිය' මහ දවල් බල්ලට දැමූ අයෙක් ය. මහින්ද කල්ලියේ ස්වරූපය ම 'නීතිය එක්ක' සෙල්ලම් කිරීම නිසා එය අරුමයක් නොවේ.
'හමුදා සේවයේ යෙදෙමින් දේශපාලනය කළා' කියන චෝදනාව යටතේ එවක සරත් ෆොන්සේකා 'කුදලාගෙන' යන රාජපක්ෂ මිලිටරි පාලනය ගෝඨා නීති කැඩූ විට පැත්ත නොබලා සිටියේ හිරිකිතයක් නැතිව ය. එවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආවේ රාජ්‍ය නිලධාරියකු වූ ගෝඨා ය.
රජයේ සේවකයන්ගේ විනය පාලනයට අදාළ ව බලපැවැත්වෙන ආයතන සංග්‍රහයට අනුව රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති අතර එය කඩකිරීම විනය විරෝධී ක්‍රියාවකි. එමෙන්ම මැතිවරණ සමයකදී රජයේ දේපළ දේශපාලන ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් වන අතර ඒ දේපළවල බාරකාරත්වය පැවරෙන්නේද අමාත්‍යාංශ ලේකම්වරුන්ට ය. තවද මැතිවරණ නීතිරීති කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන පහළ මට්ටමේ රජයේ සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලයද ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ය. එසේම රජයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන්නේ ද අමාත්‍යාංශ ලේකම්වරයා ය.
හැබැයි මේ කිසිවක් තඹ දොයිතුවකට මායිම් නොකළ ගෝඨා එදා නීතිය කඩා දැම්මේ ය.
'වියත් මඟ' හදන්නේ මෙහෙම අය ය; ජනපති සිහින දකින්නේ එහෙම අය ය. සුදු වෑන් භීතිකාව නිර්මාණය කළ පුද්ගලයා, මාධ්‍යවේදීන් ව පැහැර ගෙනගොස් අතපය කඩා දමන්නට හෝ 'ඉවරයක්' කොට දමන්නට මඟ කී පුද්ගලයා, කල්ලිවාදය වපුරා බිහිසුණු සමාජයක් නිර්මාණය කරන්නට කටයුතු කළ පුද්ගලයා, ජාතිවාදය වපුරා වෙනත් ජාතීන්ට ජීවත් වීමේ අපේක්ෂාව භීතියක් බවට පත් කළ පුද්ගලයා, වතුර බින්දුවක් බොන්නට ඉල්ලූ ජනතාවට ගිනි බිඳීමට නියෝග දුන් තැනැත්තා 2020 ජනපතිවරණයට එනවා නම් ඒක එක අතකට හොඳ ය. මක්නිසාද යත් සාහසිකත්වය, භීතිය, අශිෂ්ටත්වය සහ නපුර දෙවැනි වතාවටත් පරාජය කළ රටක් ලෙස එදාට නැවත මේ රට ඉතිහාස ගතවන නිසා ය.
එහෙම බැලුවම ගෝඨා එන එක හොඳ ය. සමහරු කියන්නේ ඒකාධිපතියකු අවශ්‍ය යැයි කියා ය. තව සමහරු කියන්නේ ආඥාදායකයකු අවශ්‍ය යැයි කියා ය. එක් භික්ෂුන් වහන්සේ නමක් කීවේ ‘හාමුදුරුවන්ගෙන් සීයට අනූනවයක් ගෝඨා එක්ක’ කියා ය. ‘එතකොට බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නේ සීයට එකද?’ කියා කවුදෝ අසා තිබිණි. ආඥාදායකයකු ඉල්ලන අයට සිහිපත් කරන්නට යමක් තිබේ.
'දැනටත් අපි අපේ කෙනා ගෙනත් ඉවරයි. ඒත් යූ එන්පිය තවම අපේක්ෂකයා තෝරන අර්බුදේක'
සමහරු එහෙම කියයි.
' ඒකනේ, මහින්ද මහත්තයාගේ තීන්දුවට සේරම අවනත වෙනවා. ඒක තමයි ප්රජාතන්ත්රවාදය'
තවත් සමහරු කියයි. හැබැයි ඒකට ප්රජාතන්ත්රවාදය කියනවා නම් ඒ අය ප්රජාතන්ත්රවාදය දන්නේ නැත.
උතුරු කොරියාවේ සිදුවන්නේ එහෙම ය. ගඩාෆිලා, හිට්ලර්ලා, මුසලෝනිලා, ඉඩි අමීන්ලා කරන්නේ ඔහොම ය. ඒක ප්‍රජාතන්ත්‍රවාදයනම් ඒ වෙනම ප්රජාතන්ත්රවාදයකි. තමන්ට හිතෙන කෙනා නම් කිරීමත් ඊට සියලුදෙනා අත් ඔසවා අනුමත කිරීමත් වහල් කම මිස වෙන එකක් නොවේ.
'ගෝඨා ආවොත් අනාථයි. එයා මිලිටරි නායකයක්' කියා දස අතේ බැණ වැදුණු වාසු අත් ඔසවා මහින්දගේ තිරණය අනුමත කළේ ය. ඒකාධිපතිවාදයට තමන් විරුද්ධයි කියා කී ඩිවු ගුණසේකරත් එදා අත් ඔසවා අනුමත කළේය. වාමාංශිකද දක්ෂිණාංශික ද කියන එක වෙනම කතාවකි. එහෙත් ෆැසිස්ට්වාදයට, ඒකාධිපතිවාදයට, මිලිටරිවාදයට වාසුලා අත් ඔසවන්නේ කොහොමද කියන්න දන්නේ වාසුලා ම පමණි.
හැබැයි එජාපය එහෙම නැත. ඔවුන්ට මොන විවේචන කළත් ඔවුන් ප්රජාතන්ත්රවාදයට ගරු කරයි. ඔවුන්ට අපේක්ෂකයෝත් දක්ෂයෝත් ඕනතරම් සිටී. නියම වෙලාවට ඔවුන් තමන්ගේ අපේක්ෂකයා ගෙන එනු ඇත.
කල් තියාම බොක්ෂින් වළල්ලට පැන ෂැඩෝ බොක්ෂින් ගැසූ මහින්දට වෙච්ච දේ කාටත් මතක ය. හැබැයි ඒක පොහොට්ටුවේ මහින්දලාට,ගෝඨලාට අමතක ය. මුහුද හත් ගවුවක් තියා අමුඩ ගසන්නට ගොස් දැන් ගෝඨාගේ ප්රචාරක යාන්ත්‍රණය සහමුලින්ම අවුල් ය.
එයාලම ගැසූ පෝස්ටර් කටවුට් එයාලම ඉවත් කරමින් 'මීඩියාවලින් මැජික් පෙන්වති. 'හරියට ඒ අය කටවුට් ඉවත් කරන්නේ ඒවා වෙන අය ගැසුවා වගේ ය.
රෝමයේ තුන්වැනි අධිරාජයාගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස් ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ ‘‘කලිගියුලා’’ යන නමින් ය. කලිගියුලා කැමති වූයේ 'මං පොර' න්‍යායෙන් වැඩ කරන්නට ය. මුළු භාණ්ඩාගාරය ම තිබුණේ ඔහු යටතේ ය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.
ජීවත්වීමට තරම්වත් යමක් උපයා ගන්නට නොහැකි ජනතාවට බදු ගෙවා ගැනීමට නොහැකි වූ කල කුරිරු ලෙස ඝාතනය කර දැමීය. රූමත් කාන්තාවන් සහ පිරිමින් හුවමාරු කරගැනීමේ පදනම මත වංශවතුන්ට සූදු ක්‍රීඩා හඳුන්වා දුනි. ඉන් නොනැවතී දුගී ජනතාවගේ ඉඩම් තමන්ගේ ඥාතීන්ට පවරාදෙනු ලැබූ අතර වීර්යයෙන් නැඟිටින ව්‍යාපාරිකයකු වෙත්නම් ඔහුගේ ව්‍යාපාරය උපායශීලීව තමා වෙත හෝ තම හිතවතුන් වෙත පවරා ගැනීම සිදු කෙරිණි.
කලිගියුලාගේ කැමැත්ත සහ ඔහුට පහළ වූ අදහස රටේ නීතිය බවට පත්කෙරූ අතර අධිකරණය තමන්ගේ හිතු මනාපෙට තම පාලනය යටතට ගත්තේය.
ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලඳවීය. රනින් නිම කළ ලාඩම් පැලඳවීය. අශ්වයාගේ සම පැහැපත් කරගන්නට ඌට ලබාදෙන ධාන්‍යවල රන් ආලේපකර ලබා දුන්නේ ය.
අවසානයේ ‘‘ඉන්සිටේටස්’’ අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමාන ය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහු ය.
මේ කතාව මීට වසර තුනකට පෙර ලියුවා නම් ඊට ආදේශ වන්නට තිබුණේ රෝමය වෙනුවට 'ලංකාව ය'.
කලිගියුලා මුලින් ම කළේ ඊනියා දේශානුරාගයකින් ජනතාව උන්මාදයට පත් කරන එක ය. තමන් රෝමය රකින දෙවියා බව ඔහු ඒත්තු ගැන්වීය. ඒ වෙනුවෙන් අති විශාල ප්රචාරක ව්‍යාපාරයක් දියත් කළේ ය. තම සමීපතම නෑදෑ සනුහරයට වගකිවයුතු සියලු සම්පත් ලබා දුන්නේ ය. මුළු ලෝකය ම තමාව විනාශ කිරීමට සිහින දකින බවත් ඒ කුමන්ත්රණවලින් තමාව ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීම බවත් කලිගියුලා කීවේය.
කිසිවකුටත් තම රට අල්ලන්නට ඉඩ නොදෙන බව ඔහු දෑතින් පපුවට ගසා ගනිමින් කීවේය. ලොකු ම විහිළුව වූයේ ඔහු අල්ලනු තබා අල්ලන්නට හිතන්නවත් කෙනෙක් එවක නොසිටීම ය. ඒ තරමට එකල රෝමය දුප්පත් ය.
එහෙත් ස්වකීය බල ව්‍යාපෘතිය වෙනුවෙන් කලිගියුලා බේගල් පුරවමින් ජනතාවගේ අනුකම්පාව දිනාගත්හ.
විමසා බලන්න මීට තෙවසරකට පෙර සිදුවූයේත් එයම නොවේද?
මහින්ද යුගයේදීත් වුණේ ඒකම ය. ඔහු මුළුමහත් භාණ්ඩාගාරය ම පාලනය කළේය. තමන්ගේ නෑදෑ සනුහරයට සියලු සම්පත් බෙදා දුන්නේ ය. බුද්ධිය, දැනුම තුට්ටුවට දමා කිසිදු දැනුමක් නැති දේශපාලන අන්තේවාසිකයන් තීරණාත්මක තැන්වලට පත්කොට වගකීම් ලබා දුන්නේය. බදුපිට බදු ගසා ජනතාව පෙළන අතර සුරතල් මැකෝ ගිරවකු වෙනුවෙන් කාලය වෙන් කළේය.
බටහිර කුමන්ත්‍රණ ගැන වේදිකා දෙදරන්න කෑ ගසමින්, ඊට සුදුසු උස් හඬක් ඇති වීරවංශ වැන්නන් හරහා එකී මතය සමාජගත කළේය.
සශ්‍රීක ඉඩම් සහ දේපළ ඔහුගේ සමීපතමයන් උපක්රමශීලීව ඒවායේ හිමිකරුවන්ගෙන් අත්පත් කරගන්නා විට ඔහු සිටියේ 'මැකෝ ගිරවා' සුරතල් කරමින්ය.
1930 ඩොමිනික් රාජ්‍යයේ පාලකයා වූ 'රෆායල් ට්රැජිල්ලෝත්' ‘අමුතු’උමතුකාරයෙක් ය', ‘දෙවියන් ස්වර්ගයේ, ට්‍රැජිල්ලා විශ්වයේ' ලෙස සෑම දේවස්ථානයකම සටහන් කළ ඔහු රටේ සෑම අංක තහඩුවක ම ‘ට්රැජිල්ලෝට ජය’ යනුවෙන් සටහන් කළේය. තම පුතාට වසර තුන සපිරෙන විට කර්නල් පදවියක් පිරිනැමූ ඔහු පුතාට වයස දහය වන විට ජනරාල් පදවිය දුන්නේය. රටේ සියලු ගොඩනැඟිලි, පාලම්, බෝක්කු, කඳුහෙල් සියල්ලට තම පවුලේ නම් යොදන්නට ප්‍රිය කළේය. අකුරක් නොදන්නා සිය බිරියට හොඳ ම ලේඛකයාට හා දාර්ශනිකයාට හිමි නොබෙල් ත්‍යාගය ලබා දීමට ඔහු වෙහෙසුණේ ය.
නැවත මීට තෙවසරකට පෙර ඉතිහාසය සිහිපත් කරනු යෙහෙකි.
'තමන් මහ රජු' වග ගීතවලින් පවා කියවාගත් ඔහු තම පුතා දේශපාලනයට ගෙනැවිත් ' නිල නොලත් අමාත්‍යවරයකු' කළේය. අනෙක් පුතා නාවික හමුදාවේ 'නිල නොලත් ප්‍රධානියා' කළේය. සියලු ගොඩනැඟිලි, පාලම්, බෝක්කු, පාසල්, වැසිකිළි තම නමින් වැජඹෙනවා දකින්නට ඔහු රිසි විය.
ලොව පුරා සිටි උමතු පාලකයන්ගේත් ඔහුගේත් වෙනසක් තිබුණේ නැත. එහෙම වෙනසක් තිබුණා නම් ඒ 'නම්' වලින් තිබූ වෙනස පමණ ය.
ආඥාදායකයන් ඉල්ලා සිටින්නන්ට සිහිපත් කළ යුත්තේ එක දෙයකි.
ඔබ යව වපුරා වී බලාපොරොත්තු වෙනවා නම් ඔබට මානසික ආබාධයකි.තවත් සමහරුන්ට අමතක දෙයක් තිබේ.
මේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ජේ.ආර් හැර සෙසු සියලු දෙනා ජයගෙන තිබෙන්නේ පීඩාවන්,කකුලෙන් ඇදීම්, මැද පහුවෙලා එන අපේක්ෂකයා ය.
88 ප්‍රේමදාසට ඉල්ලන්න දෙන එකක් නෑ කියා සමහරු සිතූහ. ඒ වෙනකොට ආණ්ඩුව එජාපය ය. උතුර දකුණ දෙකේම ගින්දර ය. රට දෙපැත්ත දැල්වෙන විලක්කුවක් ය. සමහරු හිතුවේ ජේ.ආර්ම එයි කියා ය. හැබැයි ජේ ආර් මරමු කියා රට පුරා පෝස්ටර් ය. ඉන්දියන් හමුදාව රටට ගොඩ බැහැලා ය. මේ සියල්ල අස්සේ එජාපය හිටියේ නියත පරාජයක ය. සිරිමාවෝ ජනපති වෙන්න රෙදි මසාගෙන සිටියා ය.
හැබැයි අන්තිමට එජාපය ප්‍රේමදාස නම් කළේය. රැලියක් තියන්න බැරි රටේ ප්‍රේමදාස කතා කළේ ගෙවල් වලට ය.
'මම ඉන්දිය හමුදාව යවනවා' ප්‍රේමදාස කීවේය.
'ඉන්දියන් හමුදාව ගෙනාවේ එයාල මිසක් අපි නෙවේ. ඉතින් එයාලම ගෙනාව ප්‍රශ්නේ එයාල ම ඉවර කරනවලු'
මැතිනි කීවා ය.
අන්තිමට මිනිස්සු ඡන්දේ දුන්නේ ප්‍රේමදාසට ය.
94 වෙනකොට එජාපය පරද්දන එක හීනයක් වෙලා තිබුණි. හැබැයි මැතිනිගේ කකුලෙන් ඇදිලි මැද මංගලලා චන්ද්‍රිකා ගෙනාවේ ය. අන්තිමට චන්ද්‍රිකා වාර්තා තිබ්බා ය; 2005 මහින්ද අගමැති ය. ඒත් ඔහුට ජනපති අපේක්ෂකකම නොදෙන තැනට පත්වී තිබුණි. ඒ වෙනකොට ජනාධිපති චන්ද්‍රිකා ය. ඈ පවා මහින්දට එරෙහිව සිටියේ ය. පක්ෂ යාන්ත්‍රනය මහින්දට හිමි නොවීය. අද මහින්දට සමීප සමහර අය එදා මහින්ද දිහාවත් නොබැලුවේ ය.
එදා රනිල් හිටියේ දිනන තැන ය. පොදු පෙරමුණ අනාත වෙන බව සියලු දෙනා සිතූහ. රනිල් සීයට 55 පනින බවට සමහරු කීය. අන්තිමට කකුල් මාට්ටු මැද මහින්ද සටනට ආවේය. හිටියේ ජවිපේ විතර ය; රනිල් පරාද ය. මහින්ද දිනුම් ය. 2015 මුල සිටම මහින්ද ජනපති වෙන්න හිතුවේ ය.'මහින්දට තෙවරක් පුළුවන්'කියා පෝස්ටර්, රැලි රට පුරා දියත් විය.
හැබැයි පහුවෙලා ආව මෛත්‍රී මහින්ද නැමති පර්වතය පෙරළා දැම්මේය.
මෙදා කුමක් වෙයිද කියා දැන් ම කියන්න බැරි ය. හැබැයි දැන්නම් ගෝඨා ඉන්නේ මීඩියාවලින් ජනාධිපති වෙලා ය.
අමෙරිකාවේ හිලරි සහ ට්‍රම්ප් අතර ජනපති සටනේදී හැමෝම කීවේ හිලරි සීයට 60ක් ගනවා කියා ය. ඔබාමා පවා සහය දුන්නේ හිලරිට ය. අන්තිමට කවුරුවත් විශ්වාස නොකළ ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති ය.
මානාභරණ