පාපැදියෙන් ආ තානාපතිනිය | Page 3 | සිළුමිණ

පාපැදියෙන් ආ තානාපතිනිය

කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සමඟ මේ සිටින්නේ නෙදර්ලන්ත තානාපතිනි ජොඈන් ඩූකන්වර්ඩ් මහත්මියයි. ලබන ඉරිදා (ජූනි 14) කොළඹ නගරයේ මාවත් කිහිපයක් වාහනවලින් තොර පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන දිනයක් (Car Free day) බවට පත් කිරීම පිළිබඳ සාකච්ඡාවකට කොළඹ නගර ශාලාවට තම ගමන් සඳහා නිතර භාවිත කරන පාපැදියෙන් පැමිණි ඇය පුරපතිනියට සමුදීමට පෙර කැමරා කාචයට හසුවූයේ මෙසේය.

Comments