කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති විශේෂ කාරක සභාව හමුවට | සිළුමිණ

කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති විශේෂ කාරක සභාව හමුවට

ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පැවැත්වෙන අතර, එදින කාරක සභාව හමුවට කාත්තන්කුඩි පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාත්, හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම මුස්ලිම් සූෆි නම් නිකායේ නියෝජිතයකුත් සාක්කි ලබාගැනීමට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

මේ අනුව පාර්ලිමේන්තු කාරක සභාව නොකඩවා අදාළ කාලය තුළ ක්‍රියාත්මක කෙරෙන බවත්, කිසිදු හේතුවක් නිසා හෝ එය අවලංගු නොකරණ බවත් පැවැසු සභාපතිවරයා එහිදි වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විටත් ඉදිරියේදි කාරක සභාව හමුවට කැදවීම් අපේක්ෂා කරන අයගේ නාම ලේඛනයක් පවා සකස් කර ඇති බවයි.

Comments