පාසල් දරු­ව­න්ටත් පාස­ල­ටත් දිවි­හි­මි­යෙන් ආද­රය කළ අහිං­සක මිනි­ස­කුගේ කතාව | සිළුමිණ

පාසල් දරු­ව­න්ටත් පාස­ල­ටත් දිවි­හි­මි­යෙන් ආද­රය කළ අහිං­සක මිනි­ස­කුගේ කතාව

මාධ්‍යවේදී, නවකතා රචක ලලිත් රෝහිත එදිරිසිංහ නිර්මාණය කළ ‘තට්ටුදෙකේ ඉස්කෝලේ‘ සිනමා පටයේ සියලු කටයුතු මේ වන විට නිමකොට තිබේ.

මැලේරියා වසංගතයෙන් වෙළාගත් සූරියපාලුව ගම්මානයේ දරුවන්ට ලොකු ඉස්කෝලේ මහත්තයා, අම්මා, තාත්තා මෙන්ම සමීපතමයා වන්නේ පාල මාමාය. දරුවන් වෙනුවෙන් වෙහෙසෙන පාල මාමා නිතර උත්සහ දරන්නේ වැසෙන්නට යන පාසල බේරාගැනීමටය. ඔහුට පාසල ගැන ඇති කැක්කුම ලොකු ඉස්කෝලෙ මහත්තයාට නැත. මේ අහිංසක මුරකාරයා නිතර ලෝකය සමඟ ගැටෙන්නේ දරුවන්ගේ ජීවිතයට ආලෝකය රැගෙන එනු පිණිසමය.

මේ දරුවන්ගේ ජීවිතයේ ප්‍රියතම තැන සුවිසල් සියඹලා ගස් හෙවණය. සියඹලා ගසට සහ පාල මාමාට තරම් මේ දරුවන් වෙන කාටවත් හිතින් ආදරේ කරන්නේ නැත.

මේ අසිරිමත් පාල මාමා සහ දරුවන් පිරිස හමුවන්නේ තට්ටු දෙකේ ඉස්කෝලෙ චිත්‍රපටය තුළය.

මෙහි රංගන දායකත්වයජගත් චමිල, දමිතා අබේරත්න, මංජුලා කුමාරි, ජනක් ප්‍රේමලාල් , තරුෂි සුරම්‍යා, වොල්ගා කල්පනී, සූර්යා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, නයනා හෙට්ටිආරච්චි, අංජලී ලියනගේ, ශෙල්ටන් කැකුණවල, ෆර්නි රෝෂිනී, නෙතලි නානායක්කාර, අයෝධ්‍යා දක්ෂිකා, ජයන්ත වාසල, මෞලි දුෂ්මන්ත, චමීර ලියනගේ සහ ජීවන්ති චරිත මවන මෙම චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිත නිරූපණය කරනු ලබන්නේ සුදම් කටුකිතුළේ, ලංකානාත් රන්දීප, රවීශා දිව්‍යාංජලී, පහන්‍යා තරුදිසි, කේෂානි දෙව්මිණි නාකන්දල, මහීෂා නෙතාරා, ගවීෂා දිව්‍යාංජලී පෙරේරා, ආකාශ් ක්‍රිශාන්, දුලන්සා සයුන්දි, පන්සිළු පවන්, ඉමාෂ් ලක්ෂාන්, සහේන් ගුණතිලක, නික්ලේෂ් සමරසේකර, නදීෂා මල්ෂානි, කවීෂා නෙත්මිණි විසිනි.

මයුර කාරියවසම් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන්ද හැඩකරන තට්ටු දෙකේ ඉස්කෝලේහි අංගරචනා ශිල්පියා ලෙස කටයුතු කරනු ලැබුවේ උහාන් ඕවිටය. ජයන්ත අබේරත්න සහ අමිල ප්‍රේමරත්න සහය අධ්‍යක්ෂවරු වෙති. තට්ටුදෙකේ ඉස්කෝලේ උපුල් වසන්ත නිෂ්පාදන කළමනාකරණයෙන්ද සුජීවා ප්‍රියන්ති, දිනේෂ් විජේසිංහ සහකාර නිෂ්පාදන කළමනාකරණයෙන්ද දායක වෙති. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයෙන් හැඩවන තට්ටුදෙකේ ඉස්කෝලේ හි සංගීතය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජගත් බස්නායක විසිනි. මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ සැලසුම් cats විසින් සිදුකරනු ලබන අතර තට්ටුදෙකේ ඉස්කෝලේ නිෂ්පාදනය වෛද්‍ය නිශාන්ත රොද්‍රිගු විසිනි. සම්බන්ධීකරණය නිලන්ත කන්නන්ගර සහ තාරක කාරියවසම්ගෙනි. ‘මානව භක්තියේ නිර්මල ගුරුගීතය‘ ලෙස නම්කොට ඇති තට්ටු දෙකේ ඉස්කොලේ මේ වසරේ ප්‍රදර්ශනය සඳහා සූදානම් ය.

 

Comments