මධූෂ්ගේ ගෝලයන් සොයා එස්.ටී.එෆ්. මෙහෙයුමක් | Page 2 | සිළුමිණ

මධූෂ්ගේ ගෝලයන් සොයා එස්.ටී.එෆ්. මෙහෙයුමක්

මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවන ලද මත්කුඩු ජාලයට සම්බන්ධ මෙරට සිටින ඔහුගේ ගෝලයන් රැසක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඔවුන් කොටු කර ගැනීමේ සූක්ෂ්ම

මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරම්භ කර ඇති බවත් එම බළකා ආරංචි මාර්ග සිළුමිණට අනාවරණය කළේය. මේ මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ඇතුළු සියලු අපරාධ මර්දන ඒකකවල සහාය ලැබෙන අතර පසුගිය සිකුරාදා වන විට සයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අතර මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන සොකොවත්තෙ සුරේෂ් සමඟ දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය පෙති 20ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් නුදුරේදී මධුෂ්ගේ මෙරට අපරාධකාර ගෝලයන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන මධුෂ් සලකුණ රටින් තුරන් කරන බවද කීවේය.

 

Comments