තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

සරත් චන්ද්‍රසිරි එළවළු වවන්න පටන් අරන්

ඔන්න සරත් චන්ද්‍රසිරි අපේ ආදරණිය රංගන ශිල්පියා රංගන කටයුතු පැත්තකින් තියලා ගෙදර ඉඳන් එළවළු වවන්න පටන් අරගෙන. ගෙවල් අවට තිබුණු වෙල් යායක් අස්සද්දලා තමා මේ වැඩේ පටන් අරගෙන තියන්නේ. එළවළු වවන වැඩේ අදහස ඔහුගේ වුණත් අහල පහළ ගෙවල්වල උදවියත් එක්කයි මේ වැඩේ කරගෙන යන්නේ. දැන් තියෙන වස විස සහිත ආහාරවලට වඩා ගෙවත්තේ වැවෙන එළවළු ආහාරයට ගන්න එකලු හොඳම දේ. කොහොම වුණත් මේ වැඩේ හොඳට යනවා කියලාත් කිව්වා. අසල්වැසියන්ගෙන් උපරිම සහයෝගය ලැබෙනවලු. තවදුරත් ඔහු ඒ ගැන පවසමින් කිව්වේ, එළවළු වගාව දකිද්දී පුදුම සතුටක් දැනෙනවාලු නමුත් ‘සේනා’ ගෙන් ඉදිරියේදී පරිස්සම් කරගන්න වෙයි කියලත් කියන්න අමතක කළේ නැහැ.


රමෝද් මාලක ගැන වැරැදි ආරංචියක්

මේ කාලයේ නර්තනය ගැන කතා කරනවා නම් ඔහු ගේ නම නොකියැවෙන තැනක් නැති තරම්. නූතන පරම්පරාවේ සිටින ජනප්‍රියම නර්තන ශිලියෙක් විදියට රමෝද්ව හඳුන්වා දෙන්න පුළුවන්. රමෝද්ට වගේම ඔහු ගේ නර්තනයටත් වැඩිපුරම ආදරේ කරන්නේ තරුණියන් කියන දේ අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් කාරණයක්.

ඇත්තටම මොකද වුණේ කියලා අපි රමෝද් ගෙන් ඇහුවා. රමෝද් යහළුවකුගේ මංගල උත්සවයක් සඳහා දෙවැනි මනාලයා ලෙස පෙනී සිටි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. ඉතින් ඡායාරූපය දැකපු බොහෝ දෙනා හිතලා තියෙන්නේ රමෝද් විවාහ වී ඇති බවයි. මේ නිසා වැඩිපුරම දුක් වෙලා තියෙන්නේ තරුණියන්. වැරැදි වැටහීමක් නිසා වුණු දෙයක් කියලයි අපිට කතාව ඇසුවට පස්සේ තේරුම් ගියේ.


නයනතාරාගේ 21 වැනි උපන් දිනයට සුවිශේෂ තෑගි ගොඩක්

නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්නේ. දෙවෙනි ඉනිමේ දෙව්මි චරිතය ආදරණීය ලෙස කරන නිසා තමයි ඇයට මේ ජනප්‍රියත්වය ලැබුණේ. ඇය පසුගිය දා සිය 21 වැනි උපන්දිනය සැමරුවා. අපුරු උපන්දින උත්සවයක් ඇයට ලැබිලා තිබුණා. නොසිතු ලෙස ඇයට උපන්දින සාදයක් සුදානම් කර තිබුණේ ඇගේ යහළුවන් සහ අම්මයි තාත්තයි කියලා තමයි අපට දැනගන්නට ලැබුණේ. ඇයට ලැබුණු අපුරු උපන්දින සැමරුම ගැන රසඳුනට කිව්වේ මෙන්න මෙහෙමයි.

‘‘උපන්දිනයට කලින් දවසේ මට චිත්‍රපට රූගත කිරීමක් තිබුණා. එදා අම්මයි, තාත්තයි එක්ක වැඩ අවසන් වෙලා ගෙදර එද්දී රෑ 11.30 විතර ඇති. මට හිතා ගන්න බැරි වුණා ගෙදරට ඇතුළු වෙද්දී. මං වෙනුවෙන් මගේ යාළුවෝ ලොකු Surprise B’ day එකක් දුන්නා. පුදුම සතුටක් දැනුණේ. ඒ වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයිනුත් ලස්සන B’ day party එකක් සැලසුම් කර තිබුණා. අනේ මන්දා මේ දේවල් කොහොම කළා ද කියලා..හැබැයි අපේ අම්මා මට මේ දේවල් කිව්වේ නැහැ. එයා දැනුවත්ව තමා සේරම දේවල් වුණේ. විශේෂයෙන් දෙයක් කියන්න ඕන. මගේ උපන්දිනයට සුබ පැතුව සියලුම දෙනාට සහ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තූතියි. හැමදාමත් මම එයාලට ගොඩක් ආදරෙයි..’

අපි අහලා බැලුවා මේ පාර උපන්දිනේට විශේෂ කාගෙන්වත් තෑග්ගක් ලැබුණේ නැද්ද? කියලා. ‘‘අනේ එහෙම කාගෙන්වත් ලැබුණේ නැහැ. ලැබුණු හැම තෑග්ගක්ම ගොඩක් සුවිශේෂී‘‘ කියලා හරිම ලැජ්ජාවෙන් කිව්වා.


අවන්ති අපොන්සු වේදිකාවට පමණක් සීමා වෙයි

වේදිකාවට, සිනමාවට සහ පුංචි තිරයට ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් නේ අවන්ති අපොන්සු කියන්නේ. මේ දිනවල් හිරු නාළිකාවේ විකාශණය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක් තුළින් කාලයකට පස්සෙ ඇයව දකින්න ලැබෙනවා. රංගනය ගැන අලුත් තොරතුරු ගැන විමසද්දී ඇය කලකිරීමෙන් කතා කරන බවක් අපිට තේරුම් ගියා. ඇයට දැන් ටෙලි නාට්‍ය එපා වෙලා ලු. ඒකට හේතුව විදියට නම් කිව්වේ රංගනය වෙනුවෙන් දෙනු ලබන ගෙවීම් හරියට සිදුවෙන්නේ නැහැ කියලා. හැමෝම නෙමෙයි සමහර නිෂ්පාදකවරු නියමිත කාලයන් තුළදී ඒ ගෙවීම් සිදු කරන්නේ නැති නිසා ගොඩක් කලකිරීමෙන් ඉන්නවා කියලා අපිත් සමඟ පැවසුවා. වේදිකාව නාට්‍යක් කිරීම තුළින් තෘප්තියක් ලැබෙන නිසා සිය ඉදිරි රංගනයන් වේදිකාවට පමණක් සිමා වේවි කියා අවසානයේදී ඇය පැවසුවා.


නිරෝෂා තලගලගේ උතුම් බලාපොරොත්තුව

නිරෝෂා තලගල කියන්නේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. මේ දිනවල ඇය රංගනයෙන් වගේම නර්තනයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඊට හේතුව නම් නිරෝෂා මේ වනවිටත් උතුම් මවු පදවිය අභියස හිඳිමින් සිය ජිවිතයේ නැවුම් වෙනසකට පෙරුම් පුරනවා. ඒ ගැන තොරතුරු අහලා බලද්දී ඇය නම් කිව්වේ ඒ සාමාජිකයා කවුරන්ද කියලා කලින් දැන ගන්න නම් යන්නේ නැහැ කියලා. දුවෙක් වුණත් පුතෙක් වුණත් ලැබෙන කෙනා සතුටින් භාර ගන්නවා කියලා. හැබැයි නිරෝෂා වැඩිපුරම කැමැති දුවකට කියලත් හරිම ආදරෙන් කිව්වා.

 

Comments