කොළඹ ගංවතුර වළක්වන්න කෝටි 433ක් | සිළුමිණ

කොළඹ ගංවතුර වළක්වන්න කෝටි 433ක්

කොළඹ ප්‍රදේශයේ ගංවතුර වැළැක්වීම පිණිස නව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා රුපියල් කෝටි 433ක ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

ඒ අනුව කොළඹ ගංවතුර පාලනය කිරීම් සඳහා ඇළ මාර්ගවල දියගුල් දොරටු ඉදිකිරීම හා කොලොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය මේ යටතේ ප්‍රධාන ලෙස ක්‍රියාවට නැංවේ.

ඊට අමතරව ශාන්ත සෙබස්තියන් දකුණු ජල පොම්පාගාරය ඉදිකිරීම කිරි මණ්ඩල මාවත සංවර්ධනය කිරීම හා ශාන්ත සෙබන්තියන් දකුණු ජල පොම්පාගාරයේ උපදේශන සේවාව සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම ද සිදුකෙරේ.

මේ සඳහා වූ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

මේ අනුව කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය අදියර 1, 2, 3, 4 වශයෙන් උපකොටස් 4 ක් යටතේ ක්‍රියාවට නැංවේ.

 

Comments