බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද | සිළුමිණ

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

ඉන්ධන මිල පහළ යාමත් සමග බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය අද රැසව ඇති බව වාර්තාවේ.

අද දහවල් පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර ඇත.

මේ අතර, ඉන්ධන මිල අඩු කළද, බස් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ නර තිබේ.

 

Comments