මේ දරු පවු­ලට ඔබේ ආධා­රය ඕනෑ | සිළුමිණ

මේ දරු පවු­ලට ඔබේ ආධා­රය ඕනෑ

නිවෙස බේරා ගන්න ඉතිරි මුදල් සොයා ගැනී­මට රෝගී පිය­කුගේ ආයා­ච­න­යක්

මිනි­සුන්ට කර­දර එන්නේ කලින් දන්වා නොවේ. ඒ එන කර­ද­ර­ව­ලට මුහුණ දීමට ඇතැ­මුන්ට ශක්තිය නැත. මේ කිය­න්නට යන්නේද දරි­ද්‍ර­තා­වය මෙන්ම අස­නීප නිසා දුකට පත්ව යන­එන මං නැතිව අස­ර­ණවූ දරු පවු­ලක් පිළි­බ­ඳය.

ඔහු ජගත් ප්‍රස­න්නය. කර­වල විකි­ණීම තම ජීව­නෝ­පාය කර­ගත් ජගත් සිය දරු දෙදෙනා හා බිරිය ජීවත් කර­වුයේ ඒ ලැබෙන මුද­ලිනි. නමුදු හිටි­හැ­ටි­යේම ජගත් අස­නීප වන්නට වූයේය. ඒ පිළිකා රෝගය වැල­ඳී­මෙනි. ජගත් ගේ හා ඔහුගේ පවුලේ අයගේ ජීළුීත වලට කණ­කොකා හඬ­න්නට වූයේ ඉන්ප­සු­වය.

“මට පිළිකා රෝගය හැදු­ණාට පස්සේ තමයි අපි හැමෝ­ගෙම ජීවිත අස­රණ වුණේ. නැත්නම් මං හැම­දේම පිළි­වෙ­ළ­කට කර­ගෙන හිටියා. මහ­ර­ගම අපෙක්ෂා රෝහ­ලෙන් ප්‍රති­කාර ගත්තේ. මගේ බෙල්ලේ තමයි පිළි­කාව තියෙන්නේ. ඒ නිසා ශල්‍ය කර්ම­ය­කුත් කෙරුවා. මේ ශල්‍ය­ක­ර­ම­යෙන් පසුව මගේ බෙල්ල වමට දකු­ණට හර­ව­න්න­වත් බැහැ. මේ නිසා මට ආයේ රැකි­යා­වක් කර ගන්න­වත් බැහැ. මගේ දරුවෝ දෙන්නම තවම පාසල් යනවා. අපට ජීවත් වෙන්න ක්‍රම­යක් නැති නිසා මගේ බිරිය මුරුක්කු හදලා කඩ­ව­ල්ව­ලට දාන්න ගත්තා. ඒකෙන් ලැබෙන මුද­ලින් තමයි අපි යාන්තම් බඩ­ගින්න නිවා ගන්නේ. ” ජගත් පව­සන්නේ කන­ගා­ටු­වෙනි.

ජගත්ගේ බිරිය වඩේ සෑදී­මට අව­ශය ද්‍රව්‍ය අසල කඩ­ය­කින් දෛනි­කව ණයට ලබා­ගනී. ඉන්පසු මුරුක්කු සාදා කඩ­ව­ල්ව­ලට දාන්නේය. මේ ලැබෙන මුද­ලින් කඩේ ණය මුදල ගෙවා දමා ඉති­රිෙ­යන් දවස ගෙවා ගනී. නමුදු ඇය අතට ලැබෙන මුදල ඔවුන්ට දවස ගෙවා ගැනී­මට තරම් ප්‍රමා­ණ­වත් නොවේ. ඒනිසා ඇතැම් දවස් වල දරු­වෝද වේලක් දෙකක් බඩ ගින්නේ දවස ගෙවා දමති. මේ සියලු අග­හි­ඟ­කම් මැද්දේ ප්‍රති­කාර කිරී­මට අවශ්‍ය මුදල් සොයා ගැනී­මට ඔවුහු තමන් පදිංචි වී සිටින නිවෙස උග­සට තැබූහ. ඉන් ලද මුදල රුපි­යල් ලක්ෂ පහ­ළො­වකි. ජගත්ගේ රෝගී තත්ත්ව­යත් ආදා­යම් මාර්ග­යක් නොති­බී­මත් නිසා දැන් නිවෙස සහ ඉඩම සින්නවී යාමට නිය­මි­තය .

“ අපි දැන් ලොකු අමා­රු­වක වැටිලා ඉන්නේ. අපට මුදල් දුන්න අය කිය­නවා පොලිය එපා මුදල විත­රක් දීලා ඉඩම බේර ගන්න කියලා. එක එක්කෙනා දීලා දැන් අපි ළඟ රුපි­යල් ලක්ෂ දෙකක් තියෙ­නවා. තවත් ලක්ෂ දෙකක් හොයා ගන්න අපිට කවුරු හරි උදව් කරන්න . මේ ගේ බේර­ගන්න බැරි වුණොත් මමයි මගෙ දරු දෙන්නයි බිරි­යයි පාරට වැටෙ­නවා. ”

ජගත් දැන් තම දරු පවුල වෙනු­වෙන් ඔබේ ආධා­රය පත­න්නේය.

ඔහුගේ ගිණුම් අංකය - 8330027439

ආර්.පී. කේ. ජගත් ප්‍රසන්න

කොම­ර්ෂල් බැංකු ශාඛාව- මිනු­ව­න්ගොඩ.

දුර­ක­ථන අංකය. 0776135064

- ඉසවි

Comments