ලංගම වැටුප් වැඩි කෙරේ | සිළුමිණ

ලංගම වැටුප් වැඩි කෙරේ

පසුගිය රජය මඟින් අත්හිටුවා තිබූ ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට රජය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

සමස්ත සේවකයන්ම ආවරණය වන පරිදි මේ වැටුප් වැඩි කිරීම සිදුවන අතර ඒ සඳහා වන අනුමැතිය පසුගිය බ්‍රහස්පතින්දා (8) හිමිව තිබිණි.

ඒ අනුව වැටුප් වැඩි කිරීමේ ආරම්භක පියවර 10 වැනිදා සෙනසුරාදා උදෑසන සෙත්සිරිපායේදී සිදු කිරීමට නියමිත වූ අතර සංකේතාත්මකව 50 දෙනකුට වැටුප් වැඩි කිරීම් ලබා දීමට කටයුතු කර තිබිණි.

Comments