Hollywood | සිළුමිණ

Hollywood

හිතට දැනුණ දුක ගතට දැනුණාද?

ජස්ටින් බීබර් - සෙලීනා ගෝමස් ආදර අන්දරය නිමාවට පත් වූ පසුව සෙලීනා මුළු හිතින්ම බීබර්ව අමතක කර ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. ඇත්තටම මේ සුපිරි යොවුන් ගායිකාව තමන්ගේ හිටපු පෙම්වතා වෙනත් තරුණියකගේ අත ගත් පසුව අතීතය අමතක කළාද? එහෙත් එසේ නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ඇය තවමත් බීබර් ගැන සිතමින් ළතැවෙනවාද? ඒ ගැන සැක මතුවන්නේ පසුගිය දා මේ යොවුන් ගායිකාවට හදිසි මනෝ චිකිස්සක ප්‍රතිකාර ලබා දීමට සිදු වූ නිසයි. ඇයට මේ ප්‍රතිකාර ලබාදීමට රෝහල්ගත කළ බවයි, ආරංචි මේ බව දැනගත් ඇගේ දිගු කාලීන පෙම්වතා වූ යොවුන් ගායක ප්ස්ටින් බීබර් ඇගේ සුව දුක් විමසීමට රෝහලට යෑමට පෙර පල්ලියකට ගොස් යාච්ඤා කළ බවයි පැවසෙන්නේ. බීබර් සමඟ ඔහුගේ බිරිය, හේලි බෝල්ඩ්වින් නොසිටි බවත් හොලිවුඩ් පුවත්වල සඳහන් වෙනවා. ඇය පසුගිය දිනවල ජපානයේ සංචාරයක යෙදී සිටියාලු. සෙලීනා මීට සති කිහිපයකට කලින් දෙවරක්ම මේ අයුරින් රෝහලින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඇයට පසුගිය වසර කිහිපයක් තිස්සේ සමේ රෝගයක්ද වැලඳී තිබිණැයි තවත් ආරංචියක් පවසනවා. මේ රෝගය නිසා ඇගේ ප්‍රතිශක්තිය ද හීන වී ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

බීබර්, හේලි සමඟ විවාහ වූ පසුව නම් සෙලීනා ප්‍රකාශ කළේ ඇය ඒ ගැන සතුටුවන බවයි. නමුත් ඇය එලෙස කියා ඇත්තේ සතුටෙන්ද, නැතිනම් දුක සඟවාගෙන දැයි කියන්න කවුරුවත් දන්නේ නැහැ.


හිස් අසුන කා වෙනුවෙන් ද?

මේ වන විට ගායිකා ටේලර් ස්විෆ්ට් තවත් අලුත් පෙම් කතාවකට මුල පුරලා ඇගේ ආදරයට දැන් හිමිකම් කියන්නේ හොලිවුඩ් නළු ජෝ ඇල්වින්. මේ ආදර කතාවට නම් වසර 2 ක් ම ගතවී ඇති බවයි. හෙළි වී ඇත්තේ. දෙදෙනා මුල් වරට මුණ ගැසී ඇත්තේ 2016 දීයි. එතැන් සිට මෑතක් වන තුරු රහසක්ව තිබුණු මේ සබඳකම ගැන පුංචි ඉඟියක් පළ කළේ ජෝ ඇල්වින්. ඔහු ‘බ්‍රිටිෂ්වෝග්’ සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ටේලර් ස්ටිෆ්ට් ගේ නම නොකියා ඇය ගැන වචන දෙක තුනක් පමණක් පවසා තිබෙනවා.

මේ අතර, පසුගිය දා පැවැති ඇමෙරිකානු සංගීත උලෙළ නැරඹීමට පැමිණි ටේලර් ස්විෆ්ට් දෙස කාගේත් නෙත් යොමු වී තිබ‍ුණා. ඒ, ඇගේ අසුනට යාබදව තිබුණු හිස් අසුන ඇය කිසියම් විශේෂ අයකු වෙනුවෙන් වෙන් කරගෙන සිටී නිසයි. සම්මාන උලෙළ ආරම්භ වන තුරු කිසිවෙකු එහි අසුන් ගත්තේ නැති වුණත් එය ඇගේ අලුත්ම පෙම්වතා වන ජෝ ඇල්වින් වෙනුවෙන් වෙන්කරගෙන සිටි බවයි හොලිවුඩ් මාධ්‍ය අනුමාන කර තිබුණේ.

Comments