මර­ණ­යෙන් කෙළ­වර වන යූ ටර්න් ගමන | සිළුමිණ

මර­ණ­යෙන් කෙළ­වර වන යූ ටර්න් ගමන

මාර්ගයේ වාහන තදබදයෙන් නිදහස් වී යා හැකි කෙටි මාර්ගයෙන්ම යාම සෑම මෝටර් රථ හිමියකුගේම අපේක්ෂාවය. එහෙත් බැංගලෝරයේ මෝටර් රථ ධාවකයකුට නම් එසේ සිතිය නොහැකිය. එහි වාහන පෝලිමෙන් මාර්ග නීති උල්ලංඝනය කරමින් යූ ටර්නයෙන් ‘U TURN‘ යන පුද්ගලයන්ගේ ඉතිරි වන්නේ මළ කඳ පමණි. එහෙත් මේ මරණ කිසිවක් ස්වාභාවික මරණ ලෙස පිළිගැනීමට ඇය සූදානම් නැත. සරසවි අධ්‍යාපනයෙන් පසු ඇය ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ මාධ්‍ය ජාලයේ අපරාධ වාර්තාකාරියකවූ අතර යූ ටර්නයෙන් මරණ ගැන ගවේෂණාත්මක ලිපියක් සැපයීම‍ට ඉදිරිපත් වූයේ මේ කුකුස නිසාය.

ඇයගේ විමර්ශනය වරෙක පොලීසියේ සැකයකට ලක් විය. ඇය යූ ටර්නය පසු කරන සෑම පුද්ගලයකුගේම නම් ලයිස්තු ගත කර ඇති අතර පුදුමය නම් ඒ සියලු දෙනාම මියයාමයි. සියලු මරණ පොලීසිය විසින් සිය දිවි නසා ගැනීම් ලෙස වර්ග කර අමතක කර දැමූවද මරණ පිටුපස ඇති අබිරහස සොයා ඇයම යූ ටර්නයෙන් ගමන් කළාය. එහිදී ඇයට හමුවූ ගැහැනිය කවුද? ඇයත් මරණ අතරත් ඇති සම්බන්ධතාව කුමක්ද? යූ ටර්නයෙන් විසඳුම් සොයා යන ඇයට සත්‍ය අනාවරණය කර ගත හැකි වේවිද?

2016 වසරේ අතිශයින් ජනප්‍රිය වූ එනමින්ම යුත් කන්නඩ සිනමා පටය 2017 දී ‘කෙයාෆුල් ‘ නමින් මලයාලම් බසින් තිරගත විය. 2018 වසරේ යූ ටර්නය (U TURN )රසිකයන් හමුවට පැමිණියේ දමිළ සහ තෙළිඟු බසිනි. දමිළ තෙළිඟු බසින් නිර්මාණය වූ යූ ටර්න් සිනමා පටයේ අධ්‍යක්ෂවරයා වූයේ මුල් සිනමා පටය අධ්‍යක්ෂණය කළ පාවන් කුමාර්ය. තිස් හැවිරිදි ඔහු කන්නඩ සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයකි. නළූවෙකි. තිර රචකයෙකි. නිෂ්පාදකවරයෙකි.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ලුසියා නම් මනෝමය ත්‍රාසජනක සිනමා පටය නිපදවීමත් සමඟය. ඊට ඔහු හොඳම අධ්‍යක්ෂ ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර විය. ඔහුගේ තෙවැනි සිනමා නිර්මාණය යූ ටර්න්ය. එමෙන්ම භාෂා කිහිපයකින් නිර්මාණය වූ ප්‍රථම සිනමා නිර්මාණය ද යූ ටර්න්ය.

මුල් කන්නඩ නිර්මාණයට වඩා වෙනසක් ඔහු දමිළ, තෙළිඟු භාෂා දෙකින් තිරගත වන නව සිනමා පටයට එක්කර තිබේ. නවතම සිනමා පටයේ අවසන් මිනිත්තු 30 මුල් නිර්මාණයට වඩා හාත්පසින්ම වෙනස්ය. පාවන්ගේ මව අන්ද්‍රා ප්‍රදේශයේ නිසා ඔහුට යම් තරමකට දමිළ භාෂාව ගැන යම් අවබෝධයක් පැවතුණද දමිළ භාෂාව එතරම් හොඳින් බැරි නිසා ඔහු සහාය අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේම සහාය පැතීය.

කන්නඩ සිනමා පටයේ මෙන් වඩාත් දෙබස් වඩාත් සංවේදී වීමට ඔහු දමිළ සහාය අධ්‍යක්ෂවරුන්ගේ පිහිට පතා ඇත. අධ්‍යක්ෂවරයා යූ ටර්නන් සිනමා පටයේ සෑම ජවනිකාවක්ම දෙවර බැගින් රූ ගත කර තිබේ. ඒ සිනමා පටයට උපරිම සාධාරණයක් ඉටු කිරීමටය. ඔහු ප්‍රධාන තාරකා සමන්තා රංගනයට කළ කැපකිරීම බෙහෙවින් අගය කරන්නේය. අද්භූත චරිතය නිරූපණය කරන භූමිකාද සිනමා පටයේ රඟ පෑමට පෙර මුල් නිර්මාණය නරඹා තිබේ.

ඉන්දීය සුපිරි තාරකාවක වන සමන්තා අක්කිනේනි සමන්තා රූත් ප්‍රභූ මෙහි මරණ පසුපස හඹා යන චරිතය රඟපාන්නීය. මල් ගස් වටා දිව යන චරිතයක් නොවන එම දුෂ්කර චරිත රංගනයට ඇයට සිනමා පටය තිරගත වීමට පෙරදීම ප්‍රේක්ෂක විචාරක පැසසුම් ලැබී තිබේ. යූ ටර්න් තිරගත වූයේ ඇයම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන සීමා රාජා සිනමා පටයත් සමඟිනි. මේ වසරේ සමන්තා රඟන ලද සියලුම සිනමා පට ඉහළම ආදායම් ලබා තිබේ.

යූ ටර්න් සිනමා පටයට ආධි පනිසෙට්ටි රඟන්නේ සමන්තාට උපකාරී වන පොලිස් නිලධාරියාගේ චරිතයය. ඇයට සහාය වන අපරාධ වාර්තාකරු රාහුල් රවීන්ද්‍රය. සිනමා පටයේ ප්‍රවර්ධන ගීතය මිලියන හතකට වඩා නරඹා තිබේ. එහි සමන්තාගේ නර්තනයට ඉහළම ප්‍රතිචාර ලැබී තිබේ.


මුඩුක්කු දරුවන්ගේ වීරත්වය, සිහින, අභිලාෂයන් ගැන කියවෙන නවතම බොලිවුඩ් සිනමා බලාපොරොත්තුව වන්නේ හල්කා ( සහනය)ය. සාම්ප්‍රදායික මසාල සිනමාපට වට්ටෝරැවෙන් බැහැර වූ මෙහි කතා නායකයා වන්නේ පිච්කු නම් දස හැවිරිදි දරුවෙකි. එදිනෙදා ජීවිතේ මුහුණ පාන ගැටලුවලට විසඳුම් සොයා ඔහු නිරන්තර අරගලයක යෙදෙන්නේය. ඔහුට අවශ්‍ය අසල් වැසි පරිසරය මල මුත්‍රවලින් තොරව පිරිසිදුව තබා ගැනීමය.

ජාතික සම්මානලාභී නිලා මාධබ් අධ්‍යක්ෂණය කළ හල්කා තිරගත වීමට පෙර අන්තර්ජාතික සම්මානයට පවා පාත්‍රවී තිබේ. තවත් ජාතික සම්මානලාභී සිනමා පටයක් වන අයෑම් කලාම් ද ඔහුගේ නිර්මාණයකි. හල්කා එහි දෙවැන්න ලෙස මාධබ් පවසයි.

දරුවන් වෙනුවෙන් ඉන්දියාවේ සිනමා පට නිපදවෛන්නේ අඩුවෙනි. ඇතැම් ව්චාරකයන් මෙය එරට වැසිකිළි පැනයට සුරංගනා විසඳුමක් ලෙස දක්වා තිබුණ ද වැඩි දෙනකු අති සාර්ථක පවුලේ සිනමා පටයක් ලෙස අගය කර තිබේ.


 

2018 සන්ත්‍රාසය පිරි අද්භූත ලොවකට රසිකයන් රැගෙන යන නවක කන්‍යා සොයුරියක වටා ‍ගෙතුණු කතාව ‘ද නන්‘ ය. අවසන් දිව්රුම්දීම අබියස සිටින ආධුනික කන්‍යා සොයුරියක පිළිබඳ සැක පහළ කරන වතිකානුවෙන් ඇය පිළිබඳ සොයා බැලීමට දැනුම් දෙයි.

පල්ලියෙන් කරන සොයා බැලීමේදී ඇය පිළිබඳ අශුද්ධ වූ සත්‍යයක් හෙළිවේ. නවක කන්‍යා සොයුරිය පුද බිමක් යුද පිටියක් බවට පත් කරයි.

Comments