දහ­අට සන්නි මුද්ද­ර­යට ගෙනා කුමුදු | සිළුමිණ

දහ­අට සන්නි මුද්ද­ර­යට ගෙනා කුමුදු

දෙද­හස් දහඅටේ අට­වැනි මාසයේ අට­වැ­නිදා සුවි­ශේෂි දින­යක් ලෙස සැල­කෙන්නේ අටයි අටයි අට සඳ­හන් වන නිසා ය. එහෙත් ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ මුද්දර කාර්යාං­ශ­යට මෙම දිනය වැද­ගත් වූයේ දහ­අට අවු­රු­ද්දට ගැළ­පෙන ආකා­ර­යට මුද්දර දහ­අ­ටක් එදින නිකුත් කළ නිසාය. මෙම මුද්දර දහ­අ­ටට, දහ අටට අයත් සංක­ල්ප­යක් ඇතු­ළත් වීම තවත් විශේ­ෂ­යකි. එනම් මුද්දර දහඅටට අඩංගු වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජන ඇද­හිලි විශ්වාස අතරේ ප්‍රච­ලිත දහ අට සන්නි­යයි. දහඅට සන්නියේ සිතු­වම් චිත්‍ර­ණය කළ මුද්දර සැල­සු­ම්කරු වූයේ කුමුදු පීරිස් ය.

“මුද්දර කාර්යාං­ශයේ සනත් වාසල තමයි මට මේ සඳහා ආරා­ධ­නාව කළේ. දහඅට සන්නි සිතුවමට නැඟීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔහුට ස්තූතිය පුද කරනවා. ශ්‍රී ලංකාවේ පුරා­ණයේ සිට පැව­තෙන ජන ඇද­හිලි විශ්වාස කාල­යාගේ ඇවෑ­මෙන් ශාන්ති­කර්ම බවට පත්වී තිබෙ­නවා. ඒවා ප්‍රදේ­ශ­ග­තව හා පළා­ත්බ­දව විවිධ සම්ප්‍ර­දා­යන්ට අනු­ග­තව උඩ­රට, පහ­ත­රට හා සබ­ර­ගමු යනු­වෙන් මූලික ප්‍රභේද තුනක් තිබෙ­නවා. සන්නි යකුම් යාගය හෙවත් දහඅට සන්නිය සම්ප්‍ර­දා­යන් තුනක් යටතේ අපට දකින්න ලැබෙ­නවා. ඒ බෙන්තර, මාතර හා රයි­ගම යනු­වෙන්.” පැව­සුවේ මුද්දර සැල­සු­ම්කරු කුමුදු පීරිස් ය.

මේ අනුව දහඅට සන්නිය නිරූ­පණ ශිල්පීන්ගේ වෙස්මු­හුණු නිවැ­ර­දිව සිතු­වම් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එම තොර­තුරු සොයා කුමුදු ඇතුළු මුද්දර කාර්යාං­ශයේ පිරි­සක් අම්බ­ල­න්ගොඩ බලා පිටත් වූයේ එබැ­විනි. එහි සිටින පාර­ම්ප­රික නැටුම් ශිල්පීන් හමු­වී­මෙන් අන­තු­රුව ඔවුන්ට දහ අට සන්නිය නැටුම් ඉදි­රි­පත් කිරීමේ අව­ස්ථාව ලබා දී එය වීඩියෝ සහ ඡායා­රූ­ප­ගත කරනු ලැබීය.

ඉන්ප­සුව එම ඡායා­රූප සංස්කෘ­තික අමා­ත්‍යාං­ශ­යට යොමු කළේ වෙස් මුහු­ණු­වල නිවැ­රදි බව තහ­වුරු කර ගැනී­මට ය. ඔවුන්ට ද එය 100% කින් නිවැ­ර­දිව පැව­සීම අසීරු නිසා සෞන්දර්ය කලා විශ්ව විද්‍යා­ලයේ මහා­චාර්ය ලය­නල් බෙන්ත­රගේ ගේ උප­දෙස් ලබා ගැනී­මට සිදු විය. දහඅට සන්නිය පිළි­බ­ඳව විවිධ පර්යේ­ෂණ සිදු කර­මින් පොත්පත් පවා රචනා කර තිබෙන මහා­චාර්ය ලය­නල් බෙන්ත­රගේ ඒ පිළි­බඳ හසල දැනු­මක් ඇත්තෙකි. එහිදී දහ අට සන්නි­යේදි යොදා ගත් වෙස්මු­හු­ණු­වල අඩු­පාඩු කීප­යක් ඔහුගේ නිරී­ක්ෂ­ණ­යට හසු විය.

“දහඅට සන්නි­යෙන් රෝග ලක්ෂණ 18 ක් නිරූ­ප­ණය කර­නවා. මෙය පුරා­ණයේ හඳුන්වා තිබෙන්නේ සන්නි යකු­න්ගෙන් ඇති වන රෝග 18 ක් විදි­හ­ටයි. ඒත් පොත­පත් කිය­වලා ඊට පස්සේ වෙස් මුහුණු පරීක්ෂා කරන විට ඒ රෝග ලක්ෂ­ණවලට වෙනස් විදි­හට වෙස් මුහුණු කපා තිබෙන බව දුටුවා. සම­හර වෙලා­වට එක ලෙඩ­කට මුහුණු ගොඩාක් තිබෙ­නවා. ඒවා කැට­ය­ම්ක­රු­වන්ගේ සිතැඟි අනුව නිර්මා­ණය කළ බව පෙනෙ­නවා. හැඩ­තල එකි­නෙ­කට වෙනස්. ඒ නිසා මහා­චාර්ය ලය­නල් බෙන්ත­රගේ එක්ක එකතු වෙලා ඉතා­මත් නිවැ­ර­දිම ඉරි­යව්ව නිරී­ක්ෂ­ණය කළා.

උදා­හ­ර­ණ­යක් හැටි­යට අමුක්කු සන්නි­යේදී දකුණු පැත්තට කට ඇද­වෙන බව පොත­පතේ සඳ­හන් වී තිබෙ­නවා. ඒත් සමහර වෙස් මුහු­ණු­වල කපලා තියෙන්නේ කට වම් පැත්තට ඇද­වෙලා.

බොහෝ වෙස් මුහු­ණු­වල වර්ණ ගැන්වීමේදී පවා යම් යම් වෙනස්කම් පෙනෙන්න තිබුණා. එවැනි අව­ස්ථා­වල මහා­චාර්ය ලය­නල් බෙන්ත­රගේ මහ­තාගේ උප­දෙස් හා අධී­ක්ෂ­ණය යටතේ ඊට අදාළ වන පරිදි වෙන­ස්කම් සිදු කළා.” යනු­වෙන් කුමුදු දහඅට සන්නිය මුද්ද­ර­ව­ලට සිතු­වම් කිරී­මේදි වෙහෙස මහන්සි වූ ආකා­රය විස්තර කළේ දීර්ඝ වශ­යෙනි.

දහ අට සන්නිය මුද්ද­ර­ව­ලට නැගීම සඳහා කුමුදුට ඇර­යුම් ලැබෙන්නේ 2016 වස­රේදී ය. එහෙත් නිවැ­රදි තොර­තුරු සොයා මහා­චාර්ය ලය­නල් බෙන්ත­රගේ ගේ උප­දෙස් පරිදි සිතු­වම් කිරීම සඳහා අපිට කාලයක් ගත වුණා. අව­සා­න­යේදී මෙම මුද්දර 18 පසු­ගිය 08 වැනිදා (2018 වර්ෂයේ අගෝස්තු 08) නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ මුද්දර කාර්යාං­ශ­යෙන් මේ ආකා­ර­යට මුද්දර විශාල සංඛ්‍යා­වක් එක් වර නිකුත් කළ දෙවැනි අව­ස්ථාව වන්නේ දහ අට සන්නිය ඇතු­ළත් මුද්දර 18 යි. මීට පෙර මුද්දර විශාල ප්‍රමා­ණ­යක් නිකුත් කළ ප්‍රථම අව­ස්ථාව ලෙස වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පක්ෂීන්ගේ සිතු­වම් සහිත මුද්දර 20 කි.

කුමුදු හා හා පුරා කියා මුද්දරවලට සිතු­වම් නැඟීම ආරම්භ කර තිබෙන්නේ 2006 වර්ෂ­යේදී ය. ඒ 2550 වැනි බුද්ධ ජය­න්තිය වෙනු­වෙන් නිර්මා­ණය කළ මුද්ද­ර­යයි. ඉන් අන­තු­රුව 2600 සම්බු­ද්ධත්ව ජය­න්තිය මුද්ද­රය, ලෝක බාල­දක්ෂ ශත සංව­ත්සර මුද්ද­රය, ලුවි බ්‍රේල් ජන්ම ද්විශත සංව­ත්සර මුද්ද­රය, බීජිං ඔලි­ම්පික් මුද්දර 4, චෝගම් 2013 මුද්දර 2, 2013 සහ 2014 වෙසක් මුද්දර, 2010 නත්තල් මුද්ද­රය ඇතුළු මුද්දර 50 ක් පමණ ඔහු විසින් නිර්මා­ණය කර තිබේ.

එච්.ආර්. ජෝති­පාල මහ­තාගේ මුද්ද­ර­යත් ධර්ම­දාස වල්පොල මහ­තාගේ මුද්ද­ර­යත් පූජ්‍ය දවු­ල්දෙණ ඤාණි­ස්සර හිමි­පා­ණන්ගේ මුද්ද­ර­යත් ඔහුගේ නිර්මා­ණ­යන් ය. ඔහුට මුද්ද­ර­ව­ලට සිතු­වම් ඇඳීම සඳහා අව­ස්ථාව පෑදුණේ ඔහුගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් නැර­ඹී­මට මුද්දර කාර්යාං­ශයේ පිරි­සක් පැමි­ණී­මත් සමඟ ය.

වත්ත­ල්පොල කුසුමන් චිත්‍ර ශිල්පියා වන සිය පියාගේ අඩි පාරේ යමින් පාසල් වියේ පටන් චිත්‍ර කලා­වට යොමු වූ කුමුදු වසර 28 ක් මුළුල්ලේ ලේක්හ­වුස් ආය­ත­නයේ චිත්‍ර ශිල්පි­යෙක් ලෙස කට­යුතු කරයි.

“මාධ්‍ය චිත්‍ර ශිල්පි­යකු වීම නිසා බාහිර චිත්‍ර ශිල්පීන්ට නොලැ­බෙන අව­ස්ථා­වක් මට ලැබුණා.

ඒ විවිධ අව­ස්ථා­ව­ලට චිත්‍ර ඇඳීම. සම­හර වෙලා­වට දේශ­පා­ල­න­ඥ­ය­කුගේ චිත්‍ර­යක් අඳින්න වෙනවා. තවත් වෙලා­වක කවි­ය­කට කෙටි කතා­ව­කට චිත්‍ර අඳින්න වෙනවා.

ඒ විදි­හට විවිධ අවස්ථා යටතේ ‍මම චිත්‍ර අඳින නිසා මම එක රාමු­ව­කට කොටු වුණේ නැහැ.

ඇත්තට ම එය මට හොඳ පුහු­ණු­වක්.” යනු­වෙන් කුමුදු සිය මාධ්‍ය චිත්‍ර ශිල්පී වෘත්තිය ගැන කතා කළේ තෘප්ති­මත් හැඟී­මෙනි. ඔහු පොත් කවර නිර්මා­ණය සහ වෙළෙඳ දැන්වීම් සඳහා ද චිත්‍ර නිර්මා­ණය කරයි.

හර්ෂා සුග­ත­දාස

Comments