පෙනුම වෙනස් කරගන්න පුළුවන් නම් මම කැමැතියි කාජල් වගේ වෙන්න | සිළුමිණ

පෙනුම වෙනස් කරගන්න පුළුවන් නම් මම කැමැතියි කාජල් වගේ වෙන්න

මේ දවස්වල තිරගත වන වස්සානයේ සඳ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් අප හමුවන ඕෂදී හිමාෂා ගැන කවුරුත් කතා කරනවා. අද රසඳුන තුන්වැනි පිටුවෙන් අපි ඕෂදීට ප්‍රශ්න 10 ක් යොමුකළා. ඇය ලබාදුන් පිළිතුරුයි මේ.

 ආයුබෝවන් ඕෂදී ?

ආයුබෝවන්

ඉතින් මොනවද වෙන්නේ ?

මේ දවස්වල මගේ අලුත් ෆිල්ම් එක 'වස්සානයේ සඳ ' රිලීස් වුණා. ඉතින් ඒකේ සතුට විඳින ගමන් ආදරණීය ප්‍රේක්ෂකයින් හොයාගෙන රටපුරා අපි සිනමා ශාලාවල යනවා. මේ ෆිල්ම් එකෙන් පස්සේ තවත් අලුත් ෆිල්ම් එකක වැඩ ඉවර කෙරුවා. ඒ හර්ෂ උඩකන්ද මත්මයාගේ 'face to face' ෆිල්ම් එක.

සිනමාවට කෝඩුකාරයෙක් වුණු ඕෂදීට මොනවද සිනමාව ගැන හිතෙන්නේ?

ඇත්තටම අත්දැකීම්, ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන තැනක් සිනමාව කියන්නේ. ගොඩක් සතුටුයි සිනමාවට එන්න ලැබීම ගැන. මං ගැන කතා කළොත් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සහ අලුත්ම අත්දැකීමක්.

අපි ඕෂදීගෙන් ප්‍රශ්න 10 ක් අහනවා. කෙලින් උත්තර දෙන්න ඕන.

හරි. අමාරුවේ වැටෙන ප්‍රශ්න අහන්න එපා.

ඕෂදී රංගන ශිල්පිනියක් නොවී අද ඉන්න තැන ඕෂදී හිටියේ නැත්නම්?

මම සාමාන්‍ය පවුලක කෙනෙක්. ඉතින් මම සාමාන්‍ය ජිවිතයක් ගත කරයි. රංගන ශිල්පිනියක් නොවුණා නම් ගුවන් සේවිකාවක් වෙයි.

ඡන්දයේදී අකැමැති කෙනකුට මනාපය දෙන්න වුණා නම් ?

ඇත්තට කිව්වොත් මම ජන්දය මේ අවුරුදු ගාණට දාපු කෙනෙක් නෙමෙයි.

ලංකාවේ ඉපදුණේ නැත්නම්?

මම ඕස්ට්‍රේලියාව වගේ රටක ඉපදෙයි. ඒ රටට හරිම ආසයි.

ඉන්දියාවේ නළුවකුට ඕෂදී ගැන හිත ගියොත්?

හිත ගියොත්..... ඒක ඒ වෙලාවට තීරණය කරයි. මම වැඩිපුරම කැමැති ශාරුක් ඛාන්ට. හැබැයි ශාරුක් ඛාන් මගේ තාත්තගේ වයසේ.

ආදරයෙන් පැරැදුණා නම්?

ඉතින් ටික දවසක් ඒ ගැන දුක් වෙයි. අඬයි. ආදරේ කියන්නෙම ජීවිතය නෙමෙයි.

දෙමාපියන් එපා කියපු දෙයක් කළා නම්?

ඇත්තටම දෙමාපියෝ එපා කියපු දේවල් කිහිපයක්ම කරලා තියෙනවා. ඒ දේවල් ගැන අද ගොඩක් කනගාටු වෙනවා. දෙමාපියන් එපා කියපු දෙයක් කළා නම් මම කළේ ෆීල්ඩ් එකට ආපු එක. ලොකුවට කැමැත්තක් තිබුණේ නැහැ ෆීල්ඩ් එකට එනවට.

ජිවිතේ වැටුණු තැනක් තිබුණ නම්?

ජිවිතේ වැටුණු තැන් එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. යම් යම් තීරණ වලදී වැටිලා තියෙනවා. යම් යම් තීරණ අරගෙන වැටිලා තියෙනවා. එහෙම ම මෙන්ෂන් කරන්න අමාරුයි වැටුණු තැන්. ඒ දේවල් ගැන අද වෙද්දී දුක් වෙනවා සහ ඒ දේවල් ජීවිතේට පාඩමක් කරගෙන නැගිටින එකයි වටින්නේ.

වැඩිපුරම කේන්ති ගියොත්?

මම ඇත්තටම අඬයි. තරහා ගන්නවා කෑ ගහනවා. ඉවර වෙන්නේ ඉතින් අඬලා තමයි.

ලෝකේ වටේ යන්න ලැබුණ නම්?

ලෝකේ වටේ යන්න ලැබුණොත් මම කැමැති මම ට්‍රැවල් කරපු නැති රටවල් වලට ට්‍රැවල් කරන්න. එක රටක් කියලා නැහැ. ගොඩක් ට්‍රැවල් කරන්න ආස කෙනෙක්. නොදැකපු තැන් බලන්න යන්න ගොඩක් ආසයි.

පෙනුම වෙනස් කරන්න ලැබුණ නම්?

පෙනුම.... මම ගොඩක් කැමැති කෙනෙක් තමා හින්දි සිනමාවේ කාජල් කියන්නේ. ඉතින් මගේ පෙනුම වෙනස් කරන්න ලැබුණොත් කාජල් ගේ පෙනුම ගන්නවා.

නිලුපුලි සඳකැලුම්

ඡායාරූප: ශාන් රඹුක්වැල්ල 

 

Comments