අඹ අස්වැන්න 50%කින් වැඩි වෙලා | සිළුමිණ

අඹ අස්වැන්න 50%කින් වැඩි වෙලා

මෙවර අඹ අස්වැන්න සියයට 50කින් වැඩිවී ඇතැයි ද ඒ අනුව ඒම ඵලදාව නිසි ගුණාත්මක බව රැකෙගන ජනතාවට ලබා දීමට නව වැඩපිළිවෙළක් යොදා ඇතැයිද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

වෙනත් වසරවල ලැබෙන අඹ අස්වැන්න ගෙඩි මිලියන 200ක් වුවත් මෙවර අඹ අස්වැන්න ගෙඩි මිලියන 300 දක්වා වැඩි වී ඇතැයි ඇමැතිවරයා පවසයි.

මෙවර ලැබෙන අඹ අස්වැන්න විද්‍යාත්මක ලෙස රසගුණ රැකෙන ලෙස ඉදවා ජනතාවට ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඹ කලාපවල පර්යේෂණ මධ්‍යස්ථාන මඟින් සියලු කටයුතු කරන ලෙසට කෘෂිකර්ම ඇමැතිවරයා උපදෙස් දී ඇත.

මේ අනුව රස ගුණ පිරි අඹ ගෙඩි දසලක්ෂ 15 ක් අදාළ අඹ කලාපවල නිල මුද්‍රාව ඇතිව වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

 

 

Comments