වී අලෙවි මණ්ඩලය තොග මුදා හරියි | සිළුමිණ

වී අලෙවි මණ්ඩලය තොග මුදා හරියි

 වී අලෙවි මණ්ඩලයට ලැබුණ වී තොග අතරින් වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මේ වන විට සතොසට මුදා හැර ඇති බව එහි සභාපති එම්.බී. දිසානායක මහතා පවසයි. මේ අනුව සුදු නාඩු මෙට්‍රික් ටොන් 34041ක්ද සුදු සම්බා මෙට්‍රික් ටොන් 24445ක්ද රතු නාඩු මෙට්‍රික් ටොන් 41009ක්ද රතු සම්බා මෙට්‍රික් ටොන් 3613ක්ද කීරි සම්බා මෙට්‍රික් ටොන් 917 ක් ද සතොස වෙත මුදා හැර ඇත. මීට අමතරව පෞද්ගලික වී මෝල් හිමියන්ට වී මෙට්‍රික් ටොන් 2 50,000ක් මේ වන විටත් මුදා හැර තිබේ.

මේ වන විටත් අම්පාර මඩකලපුව ප්‍රදේශවලින් වී තොග වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ලැබෙමින් පවතින බව පැවැසූ සභාපතිවරයා, ප්‍රමිතියෙන් යුත් සෑම වී තොගයක්ම අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා බව ද කීය. මේ අනුව ප්‍රමිතියට අනුකූල වන එනම් සීයයට දාහතරටත් වඩා අඩු ප්‍රමාණයක් තෙතමනය ඉවත් වූ, බොල් වී ප්‍රමාණය සීයයට නමයටත් වඩා අඩු වූ, අපද්‍රව්‍ය ඉවත් කළ ගුණාත්මක බවින් ඉහළ වී තොග වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා බව ද සභාපතිවරයා පැවැසීය. මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 38කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 41කට වී අලෙවි මණ්ඩලය මිලදී ගනියි. 

Comments