තාරු­ණ්‍යයේ විශිෂ්ට හැකි­යා­වන් ප්‍රද­ර්ශ­නය කරන Youth with talent | සිළුමිණ

තාරු­ණ්‍යයේ විශිෂ්ට හැකි­යා­වන් ප්‍රද­ර්ශ­නය කරන Youth with talent

 

 අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුය”‍ යන තේමාව යටතේ ස්වාධීන රූපවාහිනිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ඉදිරිපත් කරන Youth with talent - Genaeration Next රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරගය මාර්තු 10 වැනි ඉරිදා මහරගම තරුණ සේවාසභා පරිශ්‍ර යේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන් අතරින් තාරුණ්‍යයේ විවිධ වූ සුවිශේෂී දක්ෂතා ඉදිරියට ගෙන ඒම අරමුණුකර ගනිමින් ප්‍රථම වරට ඉදිරිපත් කළ රියැලිටි වැඩසටහන Youth with talent වන අතර මේ සඳහා මුලික ආරම්භය තැබුවේ 2016 වර්ෂයේ දී ය. එය දෙවැනි වරටත්

 

2017 වර්ෂයේ Youth with talent - Genaeration Next නමින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවගේ ඉහළ ආකර්ෂණයක් දිනා ගනිමින්, රුපවාහිනී වැඩසටහනක් වශයෙන් වැඩිම ප්‍රේක්ෂක මනාපයෙන් ඉහළින්ම රැඳෙන රියැලිටි වැඩසටහන ද වෙයි. ජාති, ආගම් කිසිඳු භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලංකික තාරුණ්‍ය වෙනුවෙන් සුසැදි වැඩසටහනක් වූ මෙය නැවුම් අත්දැකීම් සිය ප්‍රේක්ෂකයාට සමීප කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රුපවාහිනි මාධ්‍ය ජාලය ස්වාධින රුපවාහිනී සේවය සහ තාරුණ්‍ය බලගැන්වීම උදෙසා වූ ජාතික මධ්‍යස්ථානය ජාතික තරුණ සේවා සභාවේ සාමුහික ප්‍රයත්නයකි.

 

වැඩසටහන් සංකල්පය සහ නිර්මාණ අධ්‍යක්ෂණය සම්මාන ලාභී ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සඳරුවන් ජයවික්‍රම මහතා ගෙන් වන අතර ස්වාධින රුපවාහිනී සේවයේ වත්මන් සභාපති ප්‍රවීණ රචක සහ කිර්තිමත් පත්‍රකලාවේදී සමන් ආතාවුදහෙට්ටි මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන්ගේ නිවැරැදි මගපෙන්වීම සහ දිරිගැන්වීම මෙම වැඩසටහන සාර්ථක කරගැනීම කෙරෙහි බෙහෙවින් උපකාරී විය.

Full HD තාක්ෂණය වැඩසටහන විසිරුවා හැරීමේදී භාවිතා කෙරේ. නිර්මාණශීලී, ජවසම්පන්න තාරුණ්‍ය ඔවුන්ගේ විශිෂ්ට හැකියාවන් මෙහිදී ප්‍රදර්ශනය කරන අතර වයස අවුරුදු 13 - 35 අතර දක්ෂතා සහිත තරගකරුවන්

 

(විශේෂ අවශ්‍යතා සහිත අය ද විය) මේ සඳහා සහභාගී විය.

මෙහි මුලික අරමුණ වන්නේ දක්ෂතා සහිත චරිත රට තුළින් බිහි කිරීම වන අතර අනතුරුව ඔවුන් ජාත්‍යන්තරය දක්වා ඔසවා තැබීමට හැකි සියලු‍ ආකාර දායකත්වයන් ලබාදීමයි.

ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් මගින් තරග කරුවන් විනිශ්චය කෙරේ. ඒ සඳහා නිත්‍ය විනිසුරුවරු 4 දෙනා ලෙස කිෂූ ගෝමස් , චිත්‍රාල් සෝමපාල, උමාරා සිංහවංශ සහ නදීෂා හේමමාලි යන ප්‍රවීණ කලාකරුවන් පත්කර ගෙන ඇත. ඊට අමතරව ආරාධිත විනිසුරුවරයකු ද සෑම සතියකම සහභාගී වේ.

ගායන, නර්තන, රංගන, ජිමනාස්ටික්, කරාටේ, විවිධ කරණම් සහ තවත් බොහෝ අසාමාන්‍ය හැකියාවන් ප්‍රකට කරන ඉදිරිපත් කිරීම් මෙන්ම ලෝක

 

වාර්තා පිහිටුවීමේ අරමුණින් කෙරෙන ඉදිරිපත්කිරීම් ද ඒ අතර වේ. වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ නිවේදක ඩිල්ෂාන් පතිරණයි.

අයදුම්කරුවන් 61527 වැනි විශාල සංඛ්‍යාවක් අතරින් පළමු වටය සඳහා තරගකරුවන් 105 ක් තෝරා ගැනුණු අතර දෙවැනි වටය සඳහා 64 දෙනකු තේරීපත්විය. මෙයින් අවසන් පූර්ව වටයට (semi final ) පිවිසීමට වාසනාව උදාවූ තරග කරුවන් 37 දෙනා අතරින් අවසන් මහා තරගයේදී ( Grand finale) 10 දෙනකු තරග වදිනු ඇත. එම 10 දෙනා තේරී පත්වන්නේ grand buzzer ලාභින් 4ක්, අර්ධ අවසන් පුර්ව වටයෙන් සුදුසුකම් ලැබූ 5ක් සහ wild card වටයෙන් තේරී පත්වුණු 1 තරග කරුවා ද සමගිනි. 

Comments