ජලජ ශාක­ව­ලින් පිරුණු කළු­විල වැව | සිළුමිණ

ජලජ ශාක­ව­ලින් පිරුණු කළු­විල වැව

නාච්චාදුව ගොවිජනපද ව්‍යාපාරයේ හිදෝගම කළුවිල වැව හා ඒ හරහා ගමන් කරන හීන් ඇළ ඇළ මාර්ගයද මේ වනවිට ජලජ ශාකවලින් පිරි පවති. මේ වැවෙහි මිට වසර කිහිපයකට පෙර පසුගිය රජය සමයේ රොන්මඩ ඉවත් කර ප්‍රතිසංස්කරණය සිදු කළ ද කෙටි කාලයකින් යළි ජපන් ජපර ඇතුළු ජලජ ශාකවලින් පිරි ඇති අයුරු දක්නට ලැබේ.මේ නිසා වර්තමානය වනවිට වැව ගොඩවිමේ අවධානමකට ලක්ව ඇතැයිද ගොවි ජනතාව පෙන්වාදෙති.

මේ යටතේ කුඹුරු වගාව මෙන්ම අතිරේක භෝග වගාවන්ද අක්කර රැසක සිදු කෙරේ.එසේම අවට ප්‍රදේශ රැසක දහස් සංඛ්‍යාත ජනතාව දිය නෑමට ඇතුළු අනෙකුත් අවශ්‍යතා සදහා මේ වැවෙහි ජලය භාවිත කරන අතර වැව විනාශයට ලක්විම ජනතාවට ගැටලු රැසකට මුහුණදිමට සිදුවේ.

නාච්චාදුව ජලාශයේ සිට ගමන් කරන හීන් ඇළ ඇළමාර්ගයද මේ වැව හරහා ගමන් කරයි.කළුවිල වැවේ සිට හින් ඇළ ඇළ මාර්ගය ජලජ ශාකවලින් පිරි පවති.මේ නිසා ඇළ මාර්ගයෙන් ජලය නිසි පරිදි ගලා නොබසින අතර ජලය අපතේ යෑම සිදුවේ.එසේම අධික වැසි දිනවලදි ජලය පිටාර ගැලිමටද ලක්වේ.

මේ නිසා තමන් ලක්ව ඇති ගැටලුවලට අවශ්‍ය විසදුම් ලබා දිම උදෙසා කළුවිල වැව හා ඒ හරහා ගමන් ගන්නා හීන් ඇළ ඇළ මාර්ගය පිළිසකර කිරිමට පියවර ගතයුතුව ඇතැයිද ජනතාව පෙන්වා දෙති. 

අමිල ප්‍රභාත් වන­සිංහ

Comments