වසර 60කට පසු ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් | Page 2 | සිළුමිණ

වසර 60කට පසු ඇමරිකාවෙන් දුම්රිය එන්ජින්

මෙරට දුම්රිය සේවාවට නව පණක් ලබා දීමේ අරමුණින් වසර 60කට පමණ පසුව ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සිළුමිණට කීය.

ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමෙන් ආනයනය කරන ලද එම් - 2 පංතියේ දුම්රිය එන්ජින් තවමත් ඉතාම හොඳ ධාවන තත්ත්වයෙන් පසුවන අතර උඩරට මාර්ගයේ පවා එම එන්ජින් ඉතා හොඳින් ධාවනය කෙරේ. මේ නිසා දීර්ඝ ආයු කාලයක් හා කාර්යක්ෂමතාවකින් යුත් ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් දුම්රිය එන්ජින් ආනයනය කිරීමට අදාළ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්ලයට යොමු කිරීමට කටයුතු යොදා ඇතැයිද මණ්ඩලයට යොමු කර ඇතැයිද ඒ මහතා කීය.

මේ එන්ජින් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණහොත් ද්විත්ව රියැදුරු කුටි සහිතව එම එන්ජින් ආනයනය කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. එම එන්ජින් උඩරට මාර්ගයේ පවා ධාවනය කළ හැකි ආකාරයෙන් ආනයනය කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා පෙන්වා දෙයි.

Comments