තෙතමනය තිබුණොත් මයිටා විනාශයි | Page 2 | සිළුමිණ

තෙතමනය තිබුණොත් මයිටා විනාශයි

වියළි කාලගුණ තත්ත්වය යටතේ පොල් වගාවට සිදුවී ඇති පළිබෝධ හානි බහුල බැවින් පොල් ගසේ තෙතමනය ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රමයක් අනුගමනය කළ යුතු බව පොල් පර්යේෂණ ආයතනය පවසයි. මේ සඳහා මේ වන විටත් පොල් වතු හිමියන් දැනුම්වත් කර ඇති බව පවසන පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පොල් ගස් පාමුල තෙතමනය රැකෙන ලෙස වසුන් යෙදීම මෙහිදී ඉතාමත් වැදගත් බව ද පැවසීය. එමෙන්ම මේ දිනවල පොල් වගාවට

තෙතමනය තිබුණොත්

බලපා ඇති මයිටා හානියට ප්‍රධානම හේතුව වියළි කලාගුණ තත්ත්වය බවද ඇය පවසයි. වියළි කාලගුණය පොල් මයිටා රෝගය පමණක් නොව සෙසු රෝග ව්‍යාප්ත කිරීිමට ද හේතුවක් වේ. වියළි තත්ත්වය නිසා පොල් ගසේ රසායනික සංයුතියේ ඇති වන වෙනස්කම් මේ සඳහා ඍජුවම බලපාන බව පැවැසූ අචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය වියළි කලාපය මේ තත්ත්වයට උග්‍ර ලෙස මුහුණ දී ඇති බවත්, ඒ අනුව මේ කලාපයේ පොල් වගාවෙන් සියයට අසූවක් මේ ව්‍යසනයට ගොදුරු වී ඇති අතර තෙත් කලාපයේ හානිය සියයට විස්සක් බවත් පැවැසීය.

මෙවැනි කාලගුණ තත්ත්වයකදී පොල් වගාව රැක ගැනීමට නම් අනිවාර්යෙන් පොල් වගාකරුවන් තෙතමන සංරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බවත්, එයින් පවතින නියඟයෙන් පොල් වගාව රැක ගැනීමට හැකි බවත්, ආචාර්ය නයනි ආරච්චිගේ පවසයි. බලපා ඇති මයිටා හානියට ප්‍රධානම හේතුව වියළි කලාගුණ තත්ත්වය බවද ඇය පවසයි. වියළි කාලගුණය පොල් මයිටා රෝගය පමණක් නොව සෙසු රෝග ව්‍යාප්ත කිරීිමට ද හේතුවක් වේ.

වියළි තත්ත්වය නිසා පොල් ගසේ රසායනික සංයුතියේ ඇති වන වෙනස්කම් මේ සඳහා ඍජුවම බලපාන බව පැවැසූ අචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය වියළි කලාපය මේ තත්ත්වයට උග්‍ර ලෙස මුහුණ දී ඇති බවත්, ඒ අනුව මේ කලාපයේ පොල් වගාවෙන් සියයට අසූවක් මේ ව්‍යසනයට ගොදුරු වී ඇති අතර තෙත් කලාපයේ හානිය සියයට විස්සක් බවත් පැවැසීය.

මෙවැනි කාලගුණ තත්ත්වයකදී පොල් වගාව රැක ගැනීමට නම් අනිවාර්යෙන් පොල් වගාකරුවන් තෙතමන සංරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බවත්, එයින් පවතින නියඟයෙන් පොල් වගාව රැක ගැනීමට හැකි බවත්, ආචාර්ය නයනි ආරච්චිගේ පවසයි. 

Comments