වෘත්තීය පුහුණුලාභීන්ට සිසු සුරක්ෂා | සිළුමිණ

වෘත්තීය පුහුණුලාභීන්ට සිසු සුරක්ෂා

වෘත්තීය පුහුණුව ලබන සිසුසිසුවියන් වෙනුවෙන් 'සිසු සුරක්ෂා' නමින් රක්ෂණ ආවරණයක් හඳුන්වා දීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෘත්තීය පුහුණුව ලබන අවස්ථාවේ සිදු වන අනතුරුවලින් ඇති වන ආබාධ සැලකිල්ලට ගෙන මේ රක්ෂණ ආවරණය හඳුන්වා දීමට බලාපොරොත්තු වන අතර, වෘත්තීය පුහුණුව ලබන්නන් වෘත්තිකයන් ලෙස සමාජයට පිවිසීමේදීද මේ රක්ෂණය දිගින් දිගටම පවත්වාගෙන යා හැකියැයිද අමාත්‍යාංශය පවසයි.

වෘත්තීය පුහුණු ලබන සිසුවකු ඒ අවස්ථාවේදී අනතුරකට භාජනය වේ නම්, ඒ අනතුරින් ඔහුට හෝ ඇයට සිදු වන හානිය මේ රක්ෂණයෙන් ආවරණය වේ. ක්ෂණිකව වෘත්තිකයකුට සිදු වන අපදාව මෙමඟින් ආවරණය කරනු ලබන නිසා වෘත්තිකයන් දිරිමත් කිරීමක්ද මෙයින් සිදු වේ. කිසියම් වෘත්තියකදී එම වෘත්තිකයා සුරක්ෂිත නම් ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය භාවයද සුරක්ෂිත කිරීමක් සිදු කිරීම මේ රක්ෂණ ක්‍රමවේදයේ අභිප්‍රාය වේ. 

Comments