මොරගහකන්ද විදුලිය මහවැලි අධිකාරියෙන් | Page 2 | සිළුමිණ

මොරගහකන්ද විදුලිය මහවැලි අධිකාරියෙන්

නොබෝ දිනකින් ජනතා අයිතියට පැවරෙන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඍජුවම මහවැලි අධිකාරිය මඟින් සිදු කිරීමට තීරණය කර ඇත. මහවැලි ව්‍යාපාරය යටතේ ඇති විදුලි බලාගාර සියල්ල මෙතෙක් පාලනය කළේ ලංකා විදුලි බලමණ්ඩලය මඟිනි. ඒ විදුලි බලාගාරවල සියලු ඉපයීම් විදුලිබල මණ්ඩලය සතු විය.

මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි වන මොරගහකන්ද ව්‍යාපෘතියේ විදුලි බලාගාරයේ සම්පූර්ණ අයිතිය මහවැලි අධිකාරියට ලැබීම නිසා එම බලාගාරයෙන් ලැබෙන සියලු ආදායම් මහවැලි අධිකාරිය සතු වන අතර, එහි නඩත්තු කටයුතුද මහවැලි අධිකාරිය මඟින් සිදු කිරීමට නියමිතය.

මොරගහකන්ද විදුලි බලාගාර සම්පූර්ණ විදුලි උත්පාදනය මෙගා වොට් තිහක් බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා කියා සිටී. 

Comments