සතියේ මියු­සික් වීඩි­යෝව | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

මේ තරම් ප්‍රේමයක් පද මාලාව

මේ තරම් ප්‍රේමයක් මේ හිතේ තියලා

වෙන්වුණත් ආදරේ නෑ තවත් කියලා

රෑ දිවා මගේ ලොවේ හීනයන් පුරා

මා දිහා බලා හිඳින්න තාරුකා වෙලා

ආදරයක් සොයනා හදවත මගෙ ළඟින් තියා

ජීවිතයේ කුළුඳුල් සෙනෙහස මගෙ නමින් පුදා

නොදැනුණු සිත නුඹටත් රහසින් මං මුළා වෙලා

කඳුළක් ළඟ මගෙ හිත තනිවම අතරමං වෙලා

සිතක සිතුම් සිරවී ඉකිබිඳ හඬමින් ලියනා

නෙතු අද්දර රිදවා නැවතුන කඳුළින් කියනා

ඒ වදන් නෑ අමතක පාරවයි මගේ හදවත

මියෙන තුරා මේ නෙත් යුග ආදරෙයි මමත් ඔබටම

මේ තරම් ප්‍රේමයක්………..

Artist- ලකිත් ෂ්‍යාමන්
Music- ගයාන් සී. බෙන්තරගේ
Lyrics- ලකිත් ෂ්‍යාමන්
Directed by- රජීව BK

මේ දිනවල අන්තර් ජාලයේ u tube සහ face book ඔස්සේ නැරඹිය හැකි අතිශයින් ජනප්‍රියවී ඇති මෙම ගීතය යොවුන් ගායන ශිල්පී ලකිත් ශ්‍යාමන් බක්මහේ එළිදැක්වූ නවතම මියුසික් වීඩියෝවයි.ලකිත් විසින්ම පද රචනය කරඇති මෙම ගීතයේ සංගීතය ගයාන් සී බෙන්තරගේ ගෙන් වන අතර මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කර ඇත්තේ රජීව් Bk විසිනි.

ඔහු දැනට ඉතාලියේ පදිංචිවී සිටින ශ්‍රී ලාංකිකයෙකි.එහි මිලානෝ නගරයේ ව්‍යාපාර කටයුතු උපදේශක සමාගමක සේවය කරන ලකිත් ගේ ලංකාවේ ලිපිනය සාගර මඟ, තල්විල, මාරවිලයි.මාරවිල රෝමානු කතෝලික කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් ද්විතියික අධ්‍යාපනයත් ලබා ඇති ලකිත් සංගීත ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ මීට වසර 7 කට පමණ පෙර ගීත 5 ක් එළිදක්වමිනි. මෙහි මියුසික් වීඩියෝවට නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියකු වන මාධව විජේසිංහ සමඟ අමාධි උපේක්ෂා රංගනයෙන් දායක වී තිබීමත් මෙහි ජනප්‍රියත්වයට හේතුවක් වි තිබේ.

2016 වසරේ ඔහු පද රචනය කරමින් ගායනා කර එළිදැක්වූ ‘නෙතු අග රැඳි ‘ගීතය ද අන්තර්ජාලය ඔස්සේ තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වුණු අතර චන්දන වල්පොල එහි සංගීත අධ්‍යක්ෂණය කළේය. අජන්ත ඒකනායක එම ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය කර ඇති අතර මොරින් චාරුණී, ධනුක ඩිල්ෂාන් සමඟ සමන්ති ගුණවර්ධන මෙහි රංගනයෙන් දායකත්වය දැක්වූවා.රංගන ශිල්පිනී මොරීන් චාරුණී රංගනයෙන් දායකත්වය දැක්වූ ප්‍රථම මියුසික් වීඩියෝව ‘නෙතු අග රැඳි‘ ගීතය වීමද විශේෂත්වයකි.

Comments