එළ­වළු තොග මිල වැඩි වුණේ නෑ! | සිළුමිණ

එළ­වළු තොග මිල වැඩි වුණේ නෑ!

ගෙවුණු උත්සව සමයේ එළවළු මිල ඉහළ මට්ටමක පැවැතියත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර එළවළු තොග මිල ගණන් ඉහළ නොගිය බව දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.ආර්.ඩී. නන්දසිරි මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු සාධාරණ මිලකට තොග වශයෙන් අලෙවි කෙරුණද අතරමැදි වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් හරහා පාරිභෝගිකයා අතට පත් වන විට අධික මිලකට එළවළු අලෙවි වී තිබිම නිසා පාරිභෝගිකයා අසීරුතාවට පත් වී ඇති බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට රජය ඍජුව මැදිහත් වන්නේ නම් සහනදායි මිලකට එළවළු ලබා දීමට හැකි වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

සතොස වෙළෙඳසල්වලට ආර්ථික මධ්‍යස්ථානවලින් ඍජුවම එළවළු මිල දී ගෙන අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ඇති කරන්නේ නම් ඒ සඳහා ආර්ථික වෙළෙඳ සංගමයක් ලෙස ඍජුව උපරිම සහයෝගය ලබා දෙන බවත් නන්දසිරි මහතා පවසයි.

ගෙවුණු උත්සව සමයේ එළවළු මිල ඉහළ මට්ටමක පැවැතියත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර එළවළු තොග මිල ගණන් ඉහළ නොගිය බව දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.ආර්.ඩී. නන්දසිරි මහතා පවසයි. ආර්ථික මධ්‍යස්ථාන හරහා එළවළු සාධාරණ මිලකට තොග වශයෙන් අලෙවි කෙරුණද අතරමැදි වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් හරහා පාරිභෝගිකයා අතට පත් වන විට අධික මිලකට එළවළු අලෙවි වී තිබිම නිසා පාරිභෝගිකයා අසීරුතාවට පත් වී ඇති බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට රජය ඍජුව මැදිහත් වන්නේ නම් සහනදායි මිලකට එළවළු ලබා දීමට හැකි වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

සතොස වෙළෙඳසල්වලට ආර්ථික මධ්‍යස්ථානවලින් ඍජුවම එළවළු මිල දී ගෙන අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ඇති කරන්නේ නම් ඒ සඳහා ආර්ථික වෙළෙඳ සංගමයක් ලෙස ඍජුව උපරිම සහයෝගය ලබා දෙන බවත් නන්දසිරි මහතා පවසයි. 

Comments