සංගීත ‍කලාවේ නව මං සොයා යන නවක තරුව වත්තල නිලාන් | සිළුමිණ

සංගීත ‍කලාවේ නව මං සොයා යන නවක තරුව වත්තල නිලාන්

මියැදෙන්නම් සදා

ඔබෙ ආදරේ පතා

මගෙ ජීවිතේම

ආදරේ කළේ ඔයා.....

දුලීප් මිරාන්ඩෝ සහ සත්සර කසුන් පතිරණ පද රචනය සහ සංගීතවත් කරන මෙම ගීතය මේ දිනවල රසිකයන් අතර බොහොම ජනප්‍රියයි. නව පරපුරේ යොවුන් ගායකයෙක් වන නිලාන් හෙට්ටිආරච්චි මේ ගීතයේ ගායකයා. පසුගියදා පත්තර මහගෙදරට පැමිණි නිලාන් අප සමග මෙසේ පැවසුවා.

වත්තල සුපර් සන්රේ සංගීත කණ්ඩායමෙන් සංගීත කලාවට අවතීර්ණ වු මම පසුකාලයේදි superstar seson 04 තරඟාවලියේ අවසාන හතර දෙනා අතරට යන්නට තරම් වාසනාවන්තයි. වත්තල නායක්කන්ද අගරදගුරු පාසලෙන් මුලික අධ්‍යාපනය හදාරා උසස් පෙළ හැදෑරීම කළේ කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලෙන්.

වත්තල සුපර් සන්රේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වීම තමයි මගේ ගායන දිවියේ ආරම්භය. පසුව බදුල්ලෙ ෆොමිසස්, බ්ලු ෂැඩෝස්, සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම්වල නිත්‍ය ගායකයෙක් ලෙස ගීත ගායනා කළා. මේ වන විට පාලිත පෙරේරා ප්‍රමුඛ අග්‍රා සංගීත කණ්ඩායමේ ගායකයකු ලෙස කටයුතු කරනවා. ඕනෑම ආකාරයක ගීත ගායනා කරන්න ඇති හැකියාව මට තිබෙන විශේෂත්වයක්.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමට සම්බන්ධව සිටින කාලයේ අජිත් මුතුකුමාරණ හා කේ. සුජීවා මහත්මිය තමයි සිරස සුපර්ස්ටාර් තරගාවලියට අයදුම්පත දැම්මේ. එම තරගයට සහභාගි වීම තමයි මගේ ගායන දිවිය නව මාවතකට යොමු කළේ. එහි අවසාන හතර දෙනා අතරට එන්නට තරම් මම වාසනාවන්තයි. අද වන විට මගේම ගීත හතක් නිර්මාණය කර තිබෙනවා. එහෙත් ප්‍රසිද්ධ මාධ්‍යයෙන් තවමත් ඇසෙන්නේ ගීත තුනයි. අනික් හතර තවමත් මාධ්‍යවලට ලබා දී නෑ. අඩු නිර්මාණ සංඛ්‍යාවකට වුවත් ඒවා හොඳ නිර්මාණ ලෙස රසිකයන් අතරට ගෙන යෑමයි මගේ බලාපොරොත්තුව. ඒ නිසයි ගීත හතෙන් තුනක් පමණක් මාධ්‍යයට ලබා දුන්නේ.

පසුගියදා හෙළ අභිමානි කලා පදනමෙන් ලබා දුන් තාරුණ්‍යයේ හඬ සම්මානය මට ලැබුණා. සංගීතය විෂයයක් ලෙස වැඩිදුර හදාරා නැති නිසා සංගීතය වැඩිදුර හැදෑරීමට මේ දිනවල ලෑස්ති වෙනවා.

විශේෂයෙන් මට මේ ගමන එන්න උදවුකළ මගේ අම්මා, තාත්තා, නංගී, යහළුවන්, හා ඥාතීන්ටත් සිරස ආයතනයට හා මා රැකියාව කරන මාස් හෝල්ඩින්ස් ආයතනයටත් ස්තූති වන්තවෙනවා. හොඳ නිර්මාණ සමගින් ප්‍රසංග වේදිකාවට ගොඩ වී රසිකයන් පිනවීමයි බලාපොරොත්තුව. මා ප්‍රසංග වේදිකාවට සම්බන්ධකර ගැනීමට අවශ්‍යනම් නො.59/4, මාටාගොඩ පාර, හැදල, වත්තල, ලිපිනයෙන් ලිවිය හැකියි. 

Comments